එන්නත් නිෂ්පාදකයන් සමග ධනවත් රටවල් ගනුදෙනු කිරීම COVAX වැඩසටහන සඳහා වෙන්කරන ලද එන්නත් ප්‍රමාණය අඩු වීමට හේතු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් චෝදනා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ධනවත් රටවලින් ඉල්ලා සිටියේ, අතිරේක කොවිඩ්-19 එන්නත් මාත්‍රා ඇණවුම් කිරීමට පෙර තමන් විසින්ම දුප්පත් ජාතීන්ට එන්නත් ලබාගැනීමේ උත්සාහයන් ඉන් වැළකෙන ආකාරය බලන ලෙසයි.
ධනවත් රටවල් එන්නත් මාත්‍රාව බිලියන ගණනක් ඉල්ලුම් කර ඇති අතර, සමහර රටවල් තම ජනගහනයට එක් වරකට වඩා එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මාත්‍රාවන් තබාගෙන සිටියි. මේ තත්ත්වය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල සමහර රටවලට එන්නත් සුළු වශයෙන් හේ කිසිවක් නොමැත.
"සමහර ධනවත් රටවල් වැඩි එන්නත් ලබා ගැනීම සඳහා නිෂ්පාදකයන් වෙත සෘජුවම එලැඹීම COVAX වැඩසටහන සඳහා බලපාන අතර COVAX සඳහා වෙන් කරන ලද මුදල පවා මේ නිසා අඩු වී තිබෙනවා" ටෙඩ්රොස් එම රටවල් නම් නොකරමින් කියා සිටියේය.
මේ තත්ත්වය තුළ ධනවත් රටවල් COVAX වැඩසටහන සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය.