විවිධ රටවල කොවිඩ්-19 එන්නත්වලට සමාන ප්‍රවේශයක් සහතික කිරීම අරමුණු කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් යුතු COVAX වැඩසටහන මේ වනවිට රටවල් 86ක් සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 36කට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
"මේ වසරේදී ජනගහනයෙන් 20%ක් එන්නත් කිරීම ඉලක්කයයි. එනම් මේ වසරේදී බිලියන 1.6ක පමණ පිරිසක්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරින්ජ සහ වෙනත් ද්‍රව්‍ය මිල දී ගැනීමට උදව් කළා. ජනතාවට සෞඛ්‍ය සේවා සඳහා අඛණ්ඩව පිවිසිය හැකි බව සහතික කිරීමට ගන්නා උත්සාහයන්ට අපි සහාය වෙනවා" එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක සඳහන් කළේය.