ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX වැඩසටහන හරහා ඉන්දියාව සිය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත අප්‍රිකාව පුරා රටවල් වෙත නැව්ගත කිරීම ආරම්භ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරග් ශ්‍රීවස්තවා නිවේදනය කරයි.
මෙම එන්නත් මාත්රාවව් ඉන්දියාවේ සේරම් ආයතනයේ දී සකස් කර තිබේ.
"COVID-19 එන්නත් සමග ලොවට උපකාර කිරීම සඳහා වූ අපගේ කැපවීම සපුරාලමින්, ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත සැපයීම අද අප්‍රිකාව සඳහා COVAX පහසුකම යටතේ ආරම්භ වෙනවා." යැයි ශ්‍රීවාස්තවා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
COVAX යනු ගාවි, සීපීඅයි, සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහෙයවන වැඩසටහනකි. කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීම හා නිෂ්පාදනය වේගවත් කිරීම සහ ලෝකයේ සෑම රටකටම සාධාරණ හා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම එහි අරමුණ වී තිබේ.
පසුගිය මාසයේදී ඉන්දියාව සහ අප්‍රිකානු සංගමය විසින් සේරම් ආයතනය හරහා අප්‍රිකාවට එන්නත් මාත්‍රා මිලියන 400 ක් සැපයීමට සැලසුම් කර තිබුණි. ඉන්දියාව මීට පෙර එන්නත මාත්‍රා මිලියනයක් දකුණු අප්‍රිකාවට යවා තිබුණි.
COVAX සඳහා වන පළමු වැනි කොවිඩ්-19 එන්නත ඊයේ (23දා) උදෑසන පූනේහි සේරම් ආයතනයෙන් ලබාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියානු ශාඛාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.