ඇමෙරිකානු තාක්ෂණික ව්‍යාපාරයේ දැවැන්ත සමාගමක් වන ඇපල් සමාගම ඇ.ඩො.ට්‍රිලියනය ඉක්මවා යන ප්‍රථම සමාගම බවට පත්වීමට ඉතා ආසන්නයට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම සතිය ආරම්භයේදී ඇපල් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම අ.ඩො.බිලියන 950ක් ලෙස සටහන් වීම මේ තත්ත්වයට හේතු වී තිබේ.
පසුගිය සඳුදා දිනයේ පැවති ඇපල් සමාගමේ වාර්ෂික සම්මේලනයෙන් පසුව, සමාගමේ කොටසක අගය 0.8%කින් ඉහළ යමින් ඩොලර් 191.83 බවට පත්විය.
මෙම වසර ආරම්භයේ මේ දක්වා ඇපල් සමාගමේ iPhone ස්මාට් ජංගම දුරකථන අලෙවිය ශක්තිමත් ස්ථාවරත්වයක් පෙන්වා ඇති අතර, ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන වොරන් බෆට් විසින් පළමු කාර්තුවේදී ඩොලර් මිලියන 75ක කොටස් මිලදී ගැනීමේ ප්රවෘත්තියද මේ තත්ත්වයට හේතු වූ බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එමෙන්ම, 2018 වසරේ මේ දක්වා ඇපල් සමාගමේ කොටසක අගය 18%කින් ඉහළ නැඟ ඇති අතර, ඇපල් iPhone විකුණුම් මෙම කාර්තුව තුළ 3%ක වර්ධනයක් පෙන්වා ඇත.
කෙසේ වෙතත්, iPhone X දුරකථනයේ විකුණුම් සම්බන්යෙන් යම් පසුබෑමක් පෙන්වා තිබුණත්, iPhone සෙසු නිෂ්පාදන අලෙවිය ඉතා ඉහළ මට්ටමක පැවති බව සඳහන් විය.
ඒ අනුව, මේ වනවිට සමාගමේ කොටස් අගය ඉතා සුළු ඉහළ යෑමකින් ඇපල් සමාගමට ඉතා පහසුවෙන් ඇ.ඩො.ට්‍රිලියනයක සමාගමක් බවට පත්වීමේ දොරටු විවරව ඇත.
යම් ලෙසකින් ඇපල් සමාගම ඇ.ඩො.ට්‍රිලියනයක වෙළෙඳ පොළ වටිනාකම පසු කළහොත් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ එම අභියෝගය ජයගත් ප්‍රථම සමාගම බවට ඇපල් සමාගම පත්වනු නොඅනුමානය.
නමුදු, තාක්ෂණික ක්ෂේත්රයේ තවත් දැවැන්ත සමාගම් වන ඇමසෝන්, ගූගල් සහ මයික්‍රොසොෆ්ට් යන සමාගම්ද ඇ.ඩො.ට්‍රිලියනයේ සීමාව ඉක්මවීමේ අභියෝගය භාරගෙන සිටින සෙසු ඇමෙරිකානු සමාගම් එකතුවේ තරගයක නිරත වන බවද සඳහන් කළ යුතුය.
කෙසේ වෙතත්, ලෝකයේ ඉහළම වෙළෙඳ පොළ වටිනාකම සහිත සමාගම බවට පත්ව සිටින්නේ සෞදි අරාබියේ ජාතික ඛනිජතෙල් සමාගම වන ඇරම්කෝ සමාගම බව ඔබ බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. එහි වෙළෙඳ පොළ වටිනාකම ඇ.ඩො.ට්‍රිලියන 2කි.