ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගරවල පසුගිය වසරේදී මිනීමැරුම් 33%කින් ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
ඇමෙරිකාව පුරා වසංගතයක් පැතිරී ගොස් ඇති අතර, මිලියන සංඛ්‍යාත ජනතාවක් වාර්ගික අසාධාරණයට හා පොලිස් කෘරත්වයට එරෙහි විරෝධතාවලට එක් වූ අතර, වසංගතයේ පීඩනය යටතේ ආර්ථිකය කඩා වැටුණි. මේ සියලු තත්ත්වයන් යටතේ මේ වසරේ පළමු කාර්තුව දක්වාම අපරාධවල වැඩිවීම දක්නට ලැබෙන බව සඳහන් වෙයි.
මෙම වාර්තාවට අනුව 2020 දී අවම වශයෙන් ප්‍රධාන නගර 66ක එක් ප්‍රචණ්ඩකාරී අපරාධ කාණ්ඩයක වැඩි වීමක් දක්නට ලැබෙන අතර, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් සහ දරුණු පහරදීම් එම අපරාධ කාණ්ඩයන්ට අයත් බවත් සඳහන් වෙයි.