ලංකාවට එන්න සූදානම්වන ඉන්දියාව
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙරටදී පැවැත්වෙන තරග සංචාරය සඳහා සූදානම්වන ඉන්දීය එක්දින හා විස්සයි20 කණ්ඩායම මේ දිනවල මුම්බායිහිදී සිය නිරෝදායනය වෙමින් සිටියි. ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළබෙන 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 03ක් ඇතුළත්ව ඇත. ඉන් පළමුව එක්දින තරග පැවැත්වෙන අතර, එම තරග ජූලි 13, 16 සහ 18 යන දිනවල පැවැත්වේ. මීට අමතරව විස්සයි20 ජූලි 21, 23 සහ 25 යන දිනවල පැවැත්වේ.
කෙසේ නමුත් සියලුම තරග පැවැත්වෙන්නේ ප්‍රේක්ෂක සහභාගිත්වයක් නොමැතිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
මෙම තරගාවලිය සඳහා ඉන්දීය නිත්‍ය නායක විරාට් කෝලි, රෝහිත් ෂර්මා, ජස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා වැනි ප්‍රබලයින් රැසක් එක් නොවන අතර, ඒ වෙනුවට ශිකර් ධවාන්, බුවනේෂ්වර් කුමාර්, හර්දික් පාන්ඩ්යා, කෘනාල් පාන්ඩ්යා, යුස්වේන්ද්‍ර චාහල්, සංජු සැම්සන්, ප්‍රිත්වි ෂෝ ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරගයට ක්‍රීඩාකරන බැවින් ඔවුන් මෙම තරගාවලියට එක්නොවේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය සංචිතය
ශිකර් ධවාන්, ප්‍රිත්වි ශෝ, බුවනේෂ්වර් කුමාර්, දෙව්දත් පඩික්කාල්, සූර්යකුමාර් යාදෙව්, ඉශාන් කිෂාන්, සංජු සැම්සන්, මනීෂ් පාණ්ඩේ, රුතුරාජ් ගයික්වාඩ්, හරිදික් පාණ්ඩ්‍යා, කෘනාල් පාණ්ඩ්‍යා, රාහුල් තේවටියා, ශිවාම් දූබේ, විජේ ශංකර්, දීපක් චාහර්, නව්දීප් සයිනි, හර්ෂාල් පටෙල්, කලීල් අහ්මඩ්, ජයදේව් උනඩ්කට්, චේතන් සකාරියා, වරුන් චක්‍රවර්ති, යුස්වේන්දර් චහාල්, කුල්දීප් යාදෙව්, රාහුල් චාහර්
විශ්ව මුදියන්සේ





popular news
-
kapila Wednesday, 16 June 2021 11:04 PM
තෙල් මිල, නැව, කොරෝන, පාස්කු ප්‍රහාරය ආදිය අමතක වෙන්න ඉන්දියන් ටීම් එක එනෙක හොඳයි. අපේ ටීම් එකට බැන බැන ඉන්නකොට ඔක්කොම අමතක වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

