“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාවෙන් රුපියල් මිලියන 50ක්
“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධයා නාලිකාවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.
නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්රමුඛ සංරක්ෂණ කර්තව්‍යය ලෙස “දීඝවාපී චෛත්‍යය” ප්‍රතිසංස්කරණය කෙරේ.
ඒ සඳහා වන “දීඝවාපිය අරුණ” අරමුදල ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 12 වැනි දින ආරම්භ කෙරිණ. දීඝවාපී ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව ඉදි කෙරෙන විශ්‍රාම ශාලාවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 75කි. සුදත් තෙන්නකෝන් මහතා ඒ සඳහා රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කළේය.
බෞද්ධයා නාලිකාව ඉතිරි රුපියල් මිලියන 50ක මුදල පරිත්‍යාග කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

