ෆේස්බුක් සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කරයි
ෆේස්බුක් සමාගම විවිධාංගීකරණ කිරීමේ සැලැස්ම යටතේ එම සමාගමේ නාමය මෙටා ලෙස වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ෆේස්බුක් සමාගමේ ප්රථම හා දැවැන්තම නිමවුම වන ෆේස්බුක් ආශ්රයෙන් මෙතෙක් එම සමාගම වෙත ලබාදී තිබූ ලාංඡනයද මේ සමග වෙනස් කෙරෙයි.
එනමුදු මෙම නව නාමකරණය යටතේ එහි ප්රධාන සන්නාම වන ෆේස්බුක්, වට්ස්ඇප්, මැසේන්ජර් හා ඉන්ස්ටග්රෑම් වැනි යෙදවුම් නාමයන්ට බලපෑමක් එල්ල නොවන බවද කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ මෙන්ලෝ පාක් හි ෆේස්බුක් මූලස්ථානයේ පැවති සමුළුවක් වීඩායෝ තාක්ෂණයෙන් අමතමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පැවසුවේ සමාගමේ නව නාමය සමග එහි අනාගත සැලසුම් නිරූපණය වන බව කියා සිටියේය.
කෙසේ වෙතත් ෆේස්බුක් සමාජ ජාලය හරහා සමාජයට දැඩි හානියක් සිදුවන බවට එහි සේවිකාවක විසින් මෑතකදී ඇමෙරිකානු සෙනට් මණ්ඩලය හමුවේ සාක්ෂි දීමෙන් සති කිහිපයකට පසුව මෙම සිදුවීම දිග හැරෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
