හෂාන් තිලකරත්නට පුහුණුකරු තනතුරක්
- 24 07 2017
- 19:10
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පිතිකරණ පුහුණුකරු වශයෙන් හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ ඉන්දීය සංචාරය වෙනුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ග්රැහැම් ෆෝඩ් මහතා, වේගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළ චම්පක රාමනායක මහතා මීට ඉහතදි සිය තනතුරුවලින් ඉවත්විය.
ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුද වෙයි.
ඔහුගේ සමකාලීනයෙකු වෙන චමින්ද වාස් මහතාත් මේ වන විට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
