සිඩ්නි නගරයේ ආසාදන යළි ඉහළට - රෝහල් පීඩනයකලු
අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ ඉදිරි සති කිහිපය තුළදී කොවිඩ්-19 ආසාදිතයන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි බලධාරීන් අද (17දා) ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියාව සිය ජනගහනයෙන් අඩකටත් වඩා අගුලු දමා තිබියදීත්, ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පැතිරී යන තුන්වැනි ආසාදන රැල්ල මැඬපැවැත්වීමට වෙහෙසෙමින් සිටියි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නගරය, වසංගතයේ නවතම කේන්ද්‍රස්ථානය වන අතර, ගතවූ පැය 24 තුළදී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 452කි. එය තුන්වැනි විශාලතම දෛනික ඉහළ යෑම වන අතර, එක් මරණයක්ද වාර්තා කර ඇත.
නිව් සවුත් වේල්ස් මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් වාර්තාකරුවන්ට පැවසුවේ ඉදිරි සති දෙක තුන තුළ ආසාදන සංඛ්‍යාව ඉහළ යනු ඇති අතර, එය සැලකිය යුතු ලෙස ඉහළ යාමට ඉඩ ඇතැයි ඔවුන් උපකල්පනය කිරීමක්ද කර ඇති බවයි.
නගරයේ සමහර ප්‍රදේශවල මාර්ග බාධක දැමීම ඇතුළුව සිඩ්නි නුවර දැනටමත් දැඩි සීමාවන් පනවා ඇති අතර මිනිසුන්ට නිවසේ රැඳී සිටීමේ නියෝග බහුලව උල්ලංඝනය කරන බවට වාර්තා වීමත් සමග වැරදිකරුවන්ට ගෙවීමට සිදුවන දඩ මුදල් වැඩි කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

