මාලිංග නුවර කණ්ඩායමට - තේරීමට ලැබ්රෝයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන දේශීය විස්සයි20 ක්රිකට් තරගාවලියේ කණ්ඩායම් හතර සඳහා ක්රීඩා කරන ක්රීඩකයන් ක්රිකට් ආයතනය විසින් නම් කර තිබේ.
ඒ අනුව මේ දිනවල ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති ලසිත් මාලිංග ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායමට නම් කර ඇත.
එම කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයා ලෙස වත්මන් ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා පත්කර තිබේ.
කෙසේ වෙතත් ලසිත් මාලිංග පවසන්නේ වත්මන් තේරීම් කමිටුව තමන්ට ජාතික කණ්ඩායමේ ක්රිඩා කිරීමට අවස්ථාවක් නොදෙන බවයි.
ශ්රී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කළේ ලසිත් මාලිංග නැවතත් ජාතික කණ්ඩායමට පැමිණීමට අපේක්ෂා කරනවානම් ඔහු දේශීය තරග බිමට අනිවාර්යයෙන්ම ක්රීඩා කළ යුතු බවයි.
මේ අතර ගාලු කණ්ඩායමේ නායකයා ලෙස සුරංග ලක්මාල්, දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා හා කොළඹ කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල්ද පත්කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

