මේක අපිට දෙවියෝ දෙන එකක් නෙමෙයි - මාලිංග
තම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෑතකාලීනව ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජන ගත් බවක් පෙනෙන්නට නොමැති බවත්, එවැනි අවස්ථා යළිත් ඔවුනට නොලැබෙන බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග පැවසීය.
මාලිංග මේ බව පවසා සිටියේ පෙරේදා (06දා) දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එමෙන්ම තම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලකුණු 30ක් රැස් කර ඉන් සතුටු වෙනවා නම් එය තමන්ට අනුමත කළ නොහැකි බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා,
"මම හිතන්නේ පන්දු යවන්නන්ගේ කාර්යය කළා කිව්වට අපි පළවැනි පන්දුවාර 10 තුළදී හතරේ ඒවා 25ක් 30ක් විතර දීලා තිබුණා. ඉක්මනින් ලකුණු එන්න. නමුත් 15 වැනි පන්දුවාරයෙන් පස්සේ අපි ආයෙත් තරගයට ඇවිල්ලා, හොඳ තැන්වල පන්දු යවලා ඔවුන්ව ලකුණු 250කට නවත්වා ගත්තා.
හැබැයි මට තියෙන ප්‍රශ්නේ මම හිතනවා නායකයෙක් විදිහට අපි ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ යම්කිසි දෙයක් කරලා. අපි අපේ රටේ දේශීය තරග ක්‍රීඩා කරලා ඒ තරගවල දක්ෂතා දක්වලා තමයි මේ අවස්ථාව ලබාගෙන තියෙන්නේ. මේක අපිට දෙවියෝ දෙන දෙයක් නෙමෙයි. මේක අපි මහන්සියෙන් ලබාගන්න දෙයක්.
හැබැයි මහන්සියෙන් ලබාගත්තාම ඒකට තියෙන වටිනාකම වැඩියි. මම දන්නේ නෑ, මට තේරෙන්නේ නෑ ඒ වටිනාකම කොච්චර වටිනවද කියලා අපේ ක්‍රීඩකයන් දන්නවද කියලා. අවස්ථා කියන ඒවා හැමදාම ලැබෙන්නේ නැහැ. තමන්ට අවස්ථාවක් ලැබුණු විට ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන.
මෑත කාලීනව ලැබුණු අවස්ථාවලින් අපේ ක්‍රීඩකයන් ප්‍රයෝජන ගත්ත බවක් පෙනෙන්න නැහැ. ඒකයි අපි අද මේ තත්ත්වේ ඉන්නේ. අපේ ක්‍රීඩකයන් ඉක්මනින් තමන් කොච්චර වටිනවද? තමන්ට ලැබුණු අවස්ථාව කොච්චර වටිනවද කියලා ඒ වගේම මේ ලැබුණු අවස්ථාවෙන් කොච්චර වටිනාකම් පෙන්වන්න ඕනෙද කියන එක තෝරා ගන්න ඕන.
මම හිතන්නේ නැහැ මේ වගේ අවස්ථා නැවත ලැබේවි කියලා. මම අවුරුදු 14ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා. මීට කලින් මේ වගේ අවස්ථා ලැබිලා ඒ ක්‍රීඩකයන් පෙන්නුම් කරලා තියෙනවා කොච්චර වටිනාකමක් තියෙනවද මේ ලැබුණු අවස්ථාවන් කියලා. ඒක පෙන්නනකම් මේ තත්ත්වෙන් ගොඩ එන්න අපිට හරි අමාරුයි.
පිතිකරුවන් 07 දෙනෙක් ක්‍රීඩා කරනවිට ආරම්භයක් ලබාගන්නවා කියන්නේ ලකුණු 30ක් ගහන එක නෙමෙයි. ආරම්භයක් ලබාගන්නවා කියන්නේ ලකුණු 50ක් ගහලා එතනින් එහාට ගේම් එක ඇදගෙන යන එකටයි. ලකුණු 30ක් ගහලා ඒක හොඳ ආරම්භයක් කියලා සතුටු වෙනවා නම් මම ඒ තත්ත්වේ නැහැ. මම හිතන්නේ පිතිකරුවෙක් වුණාම තමන් අංක 07 වෙනකන් ලකුණු 100ක් ගහලා කණ්ඩායම ජයග්‍රහණය කරා අරන් යන්න පුළුවන් වෙන්න ඕන" යැයි පවසා සිටියේය.

popular news
- 
                            Champa Friday, 08 March 2019 05:37 PM කතාව ඇත්ත. දන්නවද බුකි කාරයන් දිනවන්න හොඳම විදිහ තමයි run-out. ඒ ගැන වාර්තාවක් තියල තියෙනව ලංකාව. මාලිංගට විරුද්ධව ආයෙත් යටින් වැඩක් යනවා වගේ. අතාරින්න එපා. Reply : 0 0 samanlal Saturday, 09 March 2019 07:48 AM මාලිංගගේ කතාව හරියටම හරි. අපේ ක්‍රීඩකයෝ විශේෂයෙන් පිතිකරුවන් තමන්ගේ වගකීම හොඳහැටි අවබෝධකරගෙන ක්‍රීඩා කලොත් හොඳයි Reply : 0 0 priyanka wickramage Sunday, 10 March 2019 10:30 PM lankawe kridakayanta dena awastha wena kisima rataka kidakayantaden na.danma team eka hadanna ona.honda anawaki penna tthiyenawa pahu giya kale ekka baladdi.. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                