පළමු තරගය ජයපැරදුමෙන් තොරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය ජයපැරදුමකින් තොරව අවසන් විය. ලකුණු 390ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16දා) පස්වන දිනයට තරගය නිමා කරන විට කඩුලු 9කට ලකුණු 201ක් රැස් කරගෙන සිටියේය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් එංගලන්ත මුලින්ම පන්දුවට පහර දුන්නේය. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 575ක් රැස් කරමින් සිය ඉනිම අත්හිටුවීය.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 435ක් පමණි.
ලකුණු 122ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භකළ එංගලන්තය සිය දෙවැනි ඉනිමට ලකුණු 267ක් ලබා සිය ඉනිම අවසන් කළේය.
තරගයේ වීරයා ලෙස ජෝ රූට් සම්මාන ලැබීය. දෙරට අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක අවසන් ටෙස්ට් තරගය එළැඹෙන 20දා ලීඩ්ස්හිදී පැවැත්වීමට නියමිතය.
එංගලන්තය පළමු ඉනිම 575/9 (පන්දුවාර 130.3)
ජෝ රූට් නොදැවී 200 (පන්දු 298, 4x16)
මැට් ප්රයර් 86 (පන්දු 131, 4x10)
ඉයන් බෙල් 56 (පන්දු 75, 4x7, 6x1)
නුවන් ප්‍රදීප් 4/123 (පන්දුවාර 29)
ශාමින්ද එරංග 3/163 (පන්දුවාර 30)
රංගන් හේරත් 1/136 (පන්දුවාර 37.3)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 453/10 (පන්දුවාර 138.4)
කුමාර් සංගක්කාර 147 (පන්දු 258, 4x16)
ඇන්ජලෝ මැතිව්ස් 102 (පන්දු 172, 4x12)
කෞෂාල් සිල්වා 63 (පන්දු 160, 4x10)
මහේල ජයවර්ධන 55 (පන්දු 105, 4x7)
ජේම්ස් ඇන්ඩර්සන් 3/93 (පන්දුවාර 31)
ක්‍රිස් ජෝඩන් 3/102 (පන්දුවාර 27.4)
ලියම් ප්ලන්කට් 2/116 (පන්දුවාර 32)
එංගලන්ත දෙවැනි ඉනිම 267/8 (පන්දුවාර 68)
ගැරී බැලන්ස් නොදැවී 104 (පන්දු 188, 4x16, 6x1)
ක්‍රිස් ජෝඩන් 35 (පන්දු 50, 4x5)
ඇලිස්ටෙයාර් කුක් 28 (පන්දු 40, 4x6)
රංගන හේරත් 4/95 (පන්දුවාර 23)
ශාමින්ද එරංග 3/63 (පන්දුවාර 18)
නුවන් කුලසේකර 1/65 (පන්දුවාර 15)
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම 201/9 (පන්දුවාර 90 )
කෞෂාල් සිල්වා 57 (පන්දු 105, 4x7)
කුමාර් සංගක්කාර 61 (පන්දු 168, 4x4)
මහේල ජයවර්ධන 18 (පන්දු 45, 4x3)
ජිමී ඇන්ඩර්සන් 4/25 (පන්දුවාර 19)
ස්ටුවර්ඩ් බ්‍රෝඩ් 3/43 (පන්දුවාර 21)
ක්‍රිස් ජෝඩන් 2/34 (පන්දුවාර 18)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

