පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මරුට
එක්සත් ජනපද පැසිපන්දු පුරාවෘත්තයක් වන කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාසස් නගරයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇති අතර, එම අනතුරින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ලොස් ඇන්ජලීස් කවුන්ටි ෂෙරිෆ් පැවසුවේ මෙම අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බවයි. මුල් වාර්තාවල දැක්වෙන්නේ පුද්ගලයින් පස් දෙනෙකු යානයේ සිටින බවය. කඩා වැටුණු යානය ගිනි වළාවකින් වැසී ගොස් ඇත.
පස් වතාවක් එන්.බී.ඒ ශූරයකු වන බ්‍රයන්ට් පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.
ඔහුගේ හදිසි මරණය ගැන බොහෝ දෙනෙක් කම්පනයට පත්ව ඇති අතර, බොහෝ කීර්තිමත් පුද්ගලයන් සහ සෙසු ක්‍රීඩා තාරකාවන් ඔවුන්ගේ ශෝකය පළ කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
එන්.බී.ඒ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කෝබේ බ්‍රයන්ට් සහ 13 හැවිරිදි ඔහුගේ දියණිය ජියානාගේ අවාසනාවන්ත ඉරණමකට ලක්ව දිවි ගමනට සමුදී ඇති බවයි.







popular news
-
Champa Monday, 27 January 2020 11:02 AM
අනේ හරිම කණගාටුදායකයි. මගේ ප්‍රියතම බාස්කට් බෝල් ක්‍රීඩකයා. ලේකර්ස් එකට සෙල්ලම් කලේ. කෝබිගේ ප්‍රධාන පෙලේ ඔක්කොම වගේ ගේම්ස් මම බලල තියෙනවා. අවුරුදු 20ක් බාස්කට් බෝල් ගහපු ක්‍රීඩකයෙක්. ඔස්කාර් සම්මානෙකුත් ලැබුන. Championship 5ක් දිනලා තියෙනව. හරිම දක්ෂ බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. අනේ හරිම දුකයි කෝබි මැරුණ එක ගැන.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

