දළඳා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව
මෙවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මහජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ගේ උපදෙස් පරිදි තීරණය කළ බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පැවති පෙරහර කමිටු රැස්වීමේදී දියවඩන නිලමේවරයා ඒ පවසමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
“ඒ වන විට රටේ පවතින කෝවිඩ් උවදුර හමුවේ මෙවරත් ගියවර මෙන් මහජන සහභාගිත්වයකින් තොරව පෙරහර මංගල්‍ය කිරීමට තීරණය කර තිබෙනවා. මහජන සහභාගිත්වයකින් තොරව එය පැවැත්වූවත් දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් නිරෝධායන නීති උපරිමයෙන් පිළිපදිමින් පෙරහැර මංගල්‍යය සිදු කිරීමට පියවර ගන්නවා.
පෙරහර මංගල්‍යයට සහභාගී වන කලාකරුවන්ටත් එම නීති රීති දැඩිව ක්‍රියාත්මක වෙනවා. මෙවර පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහැර පහත් රන්දෝලි පෙරහැර පහත් දහවල් පෙරහරත් ඇතුළු පෙරහැර 11ම රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
එසේම සමාජ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය ඔස්සේද සියලු පෙරහැර සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.”

popular news
- 
                            
Kumar Tuesday, 10 August 2021 10:05 PM
Suddhanta nam mona thahanchiyakwath nathiwa athi.
Reply : 2 2
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                