සති අන්තයේ එක්සත් ජනපදය විසින් ඉරානට එල්ල කළ ප්රහාරවලට ප්රතිචාරයක් දක්වන බව ඉරානය අනතුරු අඟවයි.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්රකාශක එබ්රහිම් සොල්ෆගාරි පවසන්නේ එක්සත් ජනපදය සෘජුවම යුද්ධයට අවතීර්ණ වී ඉරානයේ "පූජනීය භූමිය" උල්ලංඝනය කර ඇති බවයි.
"බලවත් සහ ඉලක්කගත මෙහෙයුම්" හරහා එක්සත් ජනපදය "බරපතල, කණගාටුදායක සහ අනපේක්ෂිත ප්රතිවිපාක" වලට මුහුණ දෙනු ඇති බව ඔහු පවසයි.
එක්සත් ජනපද ජනාධිපතිවරයාට ඉංග්රීසියෙන් කෙලින්ම කතා කරමින් සොල්ෆගාරි මෙසේ පවසයි: "ට්රම්ප් මහතා, සූදුකාරයා! ඔබ මෙම යුද්ධය ආරම්භ කළා, නමුත් අපි එය අවසන් කරන්නෙමු!"