කොවිඩ් වැඩිවී ඉන්දුනීසියාවේ අගනුවර යළි අගුලු දමනවාලු
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ යෑමත් සමග යළි අගුලු දැමීමක් සඳහා අගනුවර ආණ්ඩුකාර ඇනීස් බස්වේඩන් පියවර ගනිමින් සිටියි.
ඒ අනුව අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර 11ක ව්‍යාපාර හැර එලැඹෙන සඳුදා සිට සියලුම කාර්යාල වසා තබනු ඇත. විනෝදාස්වාදක ස්ථාන වසා දමා සියලුම රැස්වීම් තහනම් කර තිබේ. ආගමික උත්සව සඳහා ඉඩ ලබා දෙන්නේ ගම් මට්ටමින් පමණක් ප්‍රදේශයේ වෙසෙන ජනතාවට බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කිසිදු ක්‍රියාමාර්ගයක් නොගතහොත් සැප්තැම්බර් 17දා වනවිට අගනුවර රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී යන බව ආකෘති නිර්මාණ මගින් පෙන්නුම් කර ඇති බැවින් මෙම පියවර අවශ්‍ය බව බාස්වේඩන් පැවසීය.
අග්නිදිග ආසියාවේ වැඩිම නව කොරෝනා වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති අතර, එම අගය මේ වනවිට 8,336කි. එරට සමස්ත ආසාදිත අගය 203,342කි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
