කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වන විට මධ්‍යම චීනයේ නගර 10ක සංචාරක සීමා පනවා තිබේ. මෙම නගරවල මිලියන විස්සක පමණ ජනගහනයක් සිටින අතර, මේ වනවිට වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 2,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.
අද වනවිට වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ආසාදිත පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ චීනයේ වූහාන් ප්රදේශයෙන්ය.
එමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් රටවල් 8කින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන තිබේ.
එක්සත් රාජධානියේද මෙම වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 14 දෙනෙකු රෝහල්ගත කර පරීක්ෂණ සිදු කෙරෙයි.