කැනඩාවේ කොවිඩ් පාලනයට පොලීසිය වෙත වැඩි බලතල
කැනඩාවේ කොවිඩ්-19 අවදානම ඉහළ යෑමත් සමග දිවයින පුරා සිටින කැනේඩියානු සෞඛ්‍ය නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවසේ රැඳී සිටින ලෙසත්, මුඛ ආවරණ පැලඳ සිටින ලෙසත්ය.
ක්විබෙක් පළාතේ සහ රටේ අගනුවර වන ඔටාවා හි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දෙවැනි රැල්ලක් දැනටමත් ඔවුන්ගේ නගර සහ ප්‍රජාවන් වෙත ඇතුළු වී ඇති බවය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය සහ කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය අනුව කැනඩාවේ දින 7ක සාමාන්‍යය දැන් දිනකට ආසාදිතයන් 1,000කට අඩුය.
කැනේඩියානු රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන් තුළ කොවිඩ්-19 හි නව ධනාත්මක ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක් පමණ අනාවරණය වී ඇති බවය.
එසේම වෛරසය පාලනය සඳහා පොලීසියට වැඩි බලතල පවරමින්, ටොරොන්ටෝ, මොන්ට්‍රියල් සහ ඔටාවා වැනි නගරවල ගෘහස්ථ, පෞද්ගලික රැස්වීම් 6 හෝ 10 දක්වා දැඩි සීමා කිරීම වේගවත් කර තිබේ. ඔන්ටාරියෝ හි නීති කඩ කිරීම සඳහා අවම දඩය ඩොලර් 7,500කි.


popular news
- 
                            
Chamika Tuesday, 22 September 2020 04:37 PM
Canada is an Island? Are you sure ? School text books said otherwise ? Excellent journalism
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                