ඇමෙරිකා දෛනික ආසාදන ලක්ෂ 2ක් ඉක්මවිය හැකිලු
ඩෙල්ටා ප්‍රභේදය සමග පැතිර යන කොරෝනා වෛරසයේ නවතම උච්චාවචනය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් දෛනිකව 200,000ක් ඉක්මවා යා හැකි බව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ ෆ්‍රැන්සිස් කොලින්ස් පැවසීය.
"ඉදිරි සති දෙක තුළ අපි දෛනිකව ආසාදිතයන් 200,000ක් ඉක්මවා නොගියහොත් මම පුදුමයට පත්වෙනවා. අපි නැවත කිසි දිනෙක එම අවකාශයට පැමිණෙනු ඇතැයි සිතුවේ නැහැ. නමුත් එය කනගාටුවට කරුණක්. ජනවාරි-පෙබරවාරි මාසවල තිබූ තත්ත්වය අගෝස්තුවේ ඇතිවෙයි කියා අප සිතුවේ නැහැ"කොලින්ස් පැවසීය.
"අප මේ සිටින්නේ බෝවන රෝගයක් සමග බව මුලින්ම තේරුම්ගත යුතුයි. තවමත් ඇමෙරිකානුවන් මිලියන 90ක් එන්නත ලබා නොගෙන සිටීම හද කම්පා කරවනසුලුයි. අප මුහුණදෙන ප්‍රධාන ගැටලුව එයයි. අප මේ තත්ත්වය තේරුම් ගෙන, එය හැරවීමට අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමට උත්සාහ කිරීම තීරණාත්මක අවස්ථාවක්" කොලින්ස් වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජනපදයේ ආසාදන අනුපාතය බොහෝ දුරට මෙහෙයවනු ලැබුවේ දකුණුදිග ප්‍රාන්ත ආශ්‍රිතවය. මෙම ප්‍රාන්තවල ආසාදනවල ඉහළ යාමක් දැකිය හැකි අතර, එම බොහෝ ප්‍රාන්තවල වැසියන්ට එන්නත් ලබාදීම මෙන්ම ඔවුන් එන්නත් ගැනීමද මන්දගාමී තත්ත්වයක පවතී.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

