ඇමෙරිකානු කළු ජාතිකයෙකු වෙත එල්ල වූ පොලිස් වෙඩි පහරින් පසුව යළි උද්ඝෝෂණ
නිරායුධ කළු ජාතිකයෙකුට විස්කොන්සින් පොලිසිය විසින් කිහිප වතාවක් වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා යළිත් උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබේ.
විස්කොන්සින් හි කෙනෝෂා හිදී කිහිප වතාවක් ජෝකබ් බ්ලේක් නමැති මෙම කළු ජාතිකයාගේ පිටුපසට වෙඩි තබා ඇති අතර, මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ස්ථාවර තත්ත්වයේ පසුවන බව වාර්තා වෙයි.
සඳුදා උදෑසන අවසන් වූ ඇඳිරි නීතිය පැනවීම සඳහා
වෙඩි තැබීම් සිද්ධියේ වීඩියෝපට සමාජ මාධ්‍ය පුරා පැතිර ගොස් මේ වනවිට රටපුරා යළිත් විරෝධතා ඇතිවී තිබෙන අතර, ප්‍රාන්තයේ ඇඳිරි නීතිය පැනවීමක්ද සිදුකර තිබේ.
විස්කොන්සින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති අතර, පුළුල් පරීක්ෂණයක් සිදුවන බව පොලීසිය කියයි.
ඇමෙරිකාවේ ආසන්න කාලසීමාවේදී කළු ජාතිකයන්ට පොලීසියෙන් එල්ල වූ හිංසාවන් හමුවේ බ්ලැක් ලයිව්ස් මැටර් උද්ඝෝෂණ මාලාවක්ද ක්‍රියාත්මක වූ අතර, අවසානයේදී එම උද්ඝෝෂණ ඇමෙරිකාව තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය වර්ධනය වීමටද හේතු විය.
මෙම අලුත්ම තත්ත්වය සමග යළිත් උද්ඝෝෂකයන් පාරට පැමිණීම යනු එරට කොවිඩ්-19 අවදානම තවදුරටත් උත්සන්න කරන බවද විචාරකයෝ පෙන්වා දෙති.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

