ඇමෙරිකානුවන්ගෙන් අඩක්ම පූර්ණ එන්නත් ලබලා - CDC
එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට (CDC) අනුව, අද (06දා) දිනය වනවිට ඇමෙරිකානුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත් ලබා දී ඇති බව කියයි.
මෙම සන්ධිස්ථානය පැමිණෙන්නේ එක්සත් ජනපදය සිය එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කර දළ වශයෙන් මාස 08කට පසුවය.
ඒජන්සිය පැවසුවේ පුද්ගලයන් 165,918,256ක් හෝ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 50%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර රටේ පුද්ගලයන් 182,368,493ක් හෝ වැඩිහිටි ජනගහනයෙන් 70.6%ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි.
එක්සත් ජනපදය අද උදෑසන වනවිට රට තුළ කොවිඩ්-19 එන්නත් මාත්‍රා 349,787,479ක් ලබා දී ඇති අතර, මාත්‍රාවන් 405,102,715ක් බෙදාහැර තිබේ.
CDC සටහනට අනුව අද පෙ.ව. 06.00 වනවිට මොඩර්නා සහ ෆයිසර්-බයෝඑන්ටෙක් වෙතින් මාත්‍රා දෙකක එන්නත් මෙන්ම ජොන්සන් සහ ජොන්සන්ගේ එක් මාත්‍රාවේ එන්නතද මෙම පූර්ණ එන්නත් යන්නට ඇතුළත් වේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

