අශාන් ප්රියංජන්ගෙන් ශතකයක් - මාලිංග දේශීය පිටියට
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම නියෝජනය කරමින් ලසිත් මාලිංග අද නැවතත් දේශීය ක්රිකට් පිටියට අවතීරණ විය.
මහනුවර කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 18 ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්විය. මෙහිදී කැපී පෙනෙන ඉනිමක් ක්රීඩා කිරීමට දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්රියංජන් සමත්විය. ඔහු පන්දු 52කදී හතරේ පහර 9ක් හා හයේ පහර හයක් සමගින් ලකුණු 108ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ ඉනිමෙන් ශක්තිමත් වූ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 දී ලකුණු 202ක් රැස්කළේ කඩුලු පහකිනි.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් මලින්ද පුෂ්පකුමාර කඩුලු දෙකක් දවා ගැනීමට සමත්වූ අතර මාලිංග පන්දුවාර 4 තුළද ලකුණු 30ට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.
ලකුණු 203ක ජයග්රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නුවර කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9 ට ලකුණු 184 රැස්කිරීමට සමත්විය. ළහිරු තිරිමාන්න ලකුණු 43ක් හා තික්ෂිලද සිල්වා ලකුණු 63ක් රැස්කිරීමට සමත්විය. දඹුල්ල වෙනුවෙන් ඉසුරු උදාන හා ශෙහාන් මධුශංක කඩුලු 2 බැගින් දවාගත්හ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

