saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 8565 hours ago

LATEST

බෝගම්බර බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයින් තවත් 41ක්

calendar_today 2020 නොවැ 17 - 11:13 remove_red_eye - 285  

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝදායනය වන රිමාන්ඩ් සිරකරුවන් අතුරෙන් ඊයෙ (16) දිනයේ දී අහඹු ලෙස තෝරාගත් තෝරා ගත් රැඳවිය් 217 දෙනෙකුට සිදුකරන ලද පි.සි.ආර්. පරීක්ෂණවලින් රැඳවියන් 41 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආස්වාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .

මෙම ආසාදිතයන් අතර දේශීයව පුද්ගලයින් 374 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්‍ෂකයින් 05 දෙනෙකු සහ විදේශීය මුහුදු ආරක්‍ෂකයින් 03 දෙනෙක සිටින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වේ.

Read More

මුහුදු ආරක්ෂකයින් නිරෝධායනය කිරීම සඳහා උනවටුන හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි 08 දෙනෙකුට අද (16දා) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටී.

Read More

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 229 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 03 කින් කොරෝනා ආසාදිත රෝගීන් 06 දෙනෙකු 11/16 දින සවස 4.00 න් අවසන් පැය 24 තුළ දී වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ආණ්ඩුවේ රැකියා දීමේ වැඩසටහන ප්‍රෝඩාවක් බවත්, රැකියා ලබා දෙන බවට පවසා රැවටීමට ලක් කළ සියලුම තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

කොරෝනා රෝග ආසාදිතයින් බවට තහවුරුවූ 66 දෙනෙකු අද (16) දිනය වනවිට ගතවූ පැය 24 ක කාලයක තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති බවත් දැනට ආසාදිතයින් හමුවීමේ අඩුවක් පෙන්නුම් කිරීමෙන් දිස්ත්‍රික්කය තුල තත්ත්වයේ යම් පාලනයක් සිදුව තිබීම සතුටට කරුණක් බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 04 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 97 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

බුස්ස අධිආරක්ෂික බන්ධනාගාරයේ සිරකරුවන්, නිලධාරින් හා බන්ධනාගාරයට ආරක්ෂාව සපයන විශේෂ කාර්යබලකායේ නිලධාරින් 305 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වී සිටියි තවත් පුද්ගලයින් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

Read More

තවත් කෝවඩ් ආසාදිතයන් 171 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කුරුණෑගල නගරයේ මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකට සම්බන්ධව පමණක් මේ වනවිට කොවඩ් ආසාදිතයන් 19ක් හඳුනාගෙන ඇති බව වාර්තාවේ.

Read More

වරාය සේවකයකුට කොරෝනා රෝගය ආසාදනය වීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කරනු ලැබූ PCR පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ එම පවුලේ තවත් සාමාජිකයන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවයි.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අ​ද 15 දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 41 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය

Read More

සියලුම බන්ධනාගාර සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 803 දෙනෙකු අද 15 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබ් සංචරණ සිමාව අද රාත්‍රී 12 න් පසුව අවසන් වෙයි.

Read More

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ කැලණිය පොලිස් අධිකාරි කොට්ඨාසයේ කොරෝනා වසංගතයට ලක් වන පොලිස් නිලධාරීන් නිරෝධානයට යොමු කිරීම සඳහා නිරෝධාන මධ්‍යස්ථානයක් සපුගස්කන්ද මහා විදුහලේ දී ඊ​යේ ( 14 වැනිදා ) පෙරවරුවේ විවෘත කෙරිණි.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට තහනම් කර ඇති පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමක් අනුවය.

Read More

කෝවිඩ් වෛරස ආසාදිතයින් 175ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. නව ආසාදිතයින් සියල්ල පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වේ.

Read More

සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.​

Read More

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (14) සිට හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

චීනය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය එක්ව COVID-19 ප්‍රතිචාරය පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එය චීන උප විදේශ අමාත්‍ය ලූඕ ෂාහුයිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, බංග්ලාදේශ විදේශ ලේකම් මසුඩ් බින් මෝමන්, නේපාලයේ විදේශ ලේකම් භාරත් රාජ් පෝඩියල්, පාකිස්තානයේ විදේශ ලේකම් සොහෙයිල් මහමුද් යන මහත්වරුන් මෙම මාර්ගගත සාකච්ඡාවට එක් වූහ.

Read More

ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය සිදුකර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 270ක් හඳුනාගත් ගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.