වැඩිහිටි පුද්ගලයන් සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට (01දා) යෙදී තිබේ. මෙවර වැඩිහිටි දිනය සමරන්නේ වසංගත තත්ත්වයක් ගෝලීය වශයෙන් පැතිර ඇති අවස්ථාවකදීය. ඒ නිසාම මෙවර ලෝක වැඩිහිටි දිනයේදී වැඩි අවධානයක් ඒ පිළිබඳ යොමු කරමින් “වසංගත අවස්ථා හමුවේ වියපත් වීම සහ වියපත් වීම ආමන්ත්‍රණය කිරීම” යන තේමාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිහිටි දිනය කෙරෙහි අවධානය යොමුකර ඇත. විශේෂයෙන් වැඩිහිටියන් සඳහා වන ජාතික වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ වැඩිහිටි හා ආබාධ ඒකකය මගින් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
ලංකාවේ වැඩිහිටි ජනගහනය මුළු ජනගහනයෙන් 1/8කි. වැඩිහිටියන් අතර බහුල සෞඛ්‍ය ගැටලු වන්නේ බෝ නොවන රෝග හා මානසික ආබාධ වැනි දිගුකාලීන රෝගයන්ය. වැඩිහිටියන් අතර බහුලව දකින්නට ලැබෙන සමාජ ගැටලු අතර ආදරණීයයන්ගෙන් වෙන්වීම, තනිව ජීවත්වීම, අපයෝජනය, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගෙන ඇත. මේ වැඩිහිටි ජනතාව අතර පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ජාවකදී විද්වතුන් දැක්වූ අදහස්ය.
මිනිසා වියපත් වීමේ ක්‍රියාවලිය ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් සිදුවන්නක් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ වැඩිහිටි හා ආබාධ ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දීපා සරණජීව
ඔක්තෝබර් පළමු වැනිදා අපේ වැඩිහිටියන් වෙනුවෙන් වෙන් කළ දිනයයි. 1999 වර්ෂයේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය ප්‍රකාශයට පත් කළේ. ඒ අනුව 2000 වර්ෂයේ සිට මෙම දිනය ලෝකය පුරා සමරනු ලබනවා. මෙවර අපි සමරන්නේ තිස්වැනි වැඩිහිටි දිනයයි. මිනිසා වියපත් වීමේ ක්‍රියාවලිය ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් සිදුවන්නක්. ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ වියපත් වැඩිහිටි ජනතාවගේ ජීවිත රැකගන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණා. ලංකාවේ වයස්ගත වීම මුළු ජනගහනයෙන් 12.4෴ක් ලෙස වාර්තා වෙනවා. මෙම ජනතාවගේ සැදෑ සමය ගෞරවාන්විතව ගතකිරීමට වාතාවරණය සකස් කිරීමේදී අපට අනෙකුත් ආයතන හා අමාත්‍යාංශවල සහය ඉතා අවශ්‍යයි.
අවුරුදු 60ට ආසන්න හැමෝම තමන්ගේ වියපත් ජීවිතය ක්‍රියාශීලීව හා සෞඛ්‍යමත්ව ගතකිරීම පිළිබඳ සැලසුම් සකස් කිරීම වැදගත් - සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා
ගෝලීය වසංගත තත්ත්වය යටතේ සිදුවූ බලපෑම් වැඩිහිටි ජනතාවට ඉතාමත් අයහපත් ලෙස බලපෑවා. මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීමේ කටයුතුවලදී ලෝකයේ බොහෝ රටවල්වලට වැරදුනත් අපිට වැරදුනේ නැහැ.
අපි මීළඟ අවුරුදු පහේදී වැඩිහිටි සෞඛ්‍යය ගැන විශේෂ සැලසුම් පිළියෙළ කර තිබෙනවා. වැඩිහිටි සෞඛ්‍ය පිළිබඳ කතා කළොත් මෙරට පවතින්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක්. 95෴ක් රෝහල්ගත වීම් රජයේ රෝහල්වල සිදුවෙනවා. බාහිර රෝගී ප්‍රතිකාර 50෴ක් සිදුවන්නේ රජයේ රෝහල්වලදීයි. ඒ අනුව නිදහස් සෞඛ්‍ය සේවාවක් යටතේ තමයි වැඩිහිටි සෞඛ්‍ය සත්කාර සිදුවන්නේත්. ඒ අනුව ඔවුන්ට හිතකර අයුරෙන් මේ සත්කාර සිදුවෙනවාද යන්න පිළිබඳ අපි පසුවිපරම් කරනවා. අවුරුදු 60ට කිට්ටුවෙන් සිටින හැමෝම තමන්ගේ වියපත් ජීවිතය ක්‍රියාශීලීව ගතකිරීම පිළිබඳවත්, ආබාධවලින් තොරව සිටීම පිළිබඳවත් සැලසුම් සකස් කරගත යුතුයි. ඒ අනුව සෞඛ්‍යමත් දීර්ඝ ජීවිතයක් ගත කළ හැකියි.
ලංකාව තුළ වියපත් ජනතාව වැඩි වෙලා තිබෙන්නේ සෞඛ්‍යය හා අධ්‍යාපනය තුළ පවතින ශීඝ්‍ර දියුණුව නිසයි - කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශාධිපති මහාචාර්ය මනෝරි වීරතුංග
වැඩිහිටියන් සඳහා වන දිනයක් සැමරීමේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ඔවුන්ගේ ජීවිතවල යහපැවැත්ම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා දෙපාර්තමේන්තුව ලෙස අපි ජනගහනය සම්බන්ධයෙන් සැලසුම්කරුවන් ලෙස කටයුතු කරනවා. වියපත් ජනගහනය ලෙස ගත්විට දියුණු රටවල අවුරුදු 65ට වැඩි ජනගහනය තමයි වියපත් ජනගහනය ලෙස හඳුන්වන්නේ. ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් නිසා අපේ රටේ වියපත් ජනතාව ලෙස දක්වන්නේ අවුරුදු 60ට වැඩි අයයි. මුළු ජනගහනයෙන් 12.4%කට වැඩි ජනතාවක් අවුරුදු 60ට වැඩි පිරිස ලෙස ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවේ 2012 සංගණනයට අනුව පෙන්වා දෙනවා. ප්‍රක්ෂේපිත දත්ත අනුව 2050 වන විට මේ අගය ජනගහනයෙන් 30෴ක් බවට පත්වේවි යැයි සඳහන් වෙනවා. ඒ වගේම 2030 වන විට මුළු ජනගහනයෙන් 1/5ක් අවරුදු 60ට වැඩි අය වනු ඇති බවට අනුමාන කෙරෙනවා. ඒ අනුව අපි තේරුම් ගතයුතු දෙය වන්නේ රටක ජනගහනය ගැන කතා කරනකොට එය රටේ සංවර්ධනයට ඉතාම වැදගත් වන බවයි. ඒ අනුව සැලසුම් සකස් කිරීම ඉතාම වැදගත්. අපි ජනගහනය පුළුල් වයස් කාණ්ඩ තුනකට බෙදලයි සැලසුම් සකස් කිරීමේදී යොදා ගනු ලබන්නේ. ඒවා නම් ළමා ජනගහනය, ශ්‍රම බළකාය හා වියපත් ජනගහනය යන ඒවා. ළමා ජනගහනය කියන්නේ උපතේ සිට අවුරුදු 14 දක්වා ජනගහනය. ශ්‍රම බළකාය 15-59ත් ලෙසත්, 60ට වැඩි ජනතාව වියපත් ජනතාව ලෙසත් අපි හඳුන්වනු ලබනවා. වියපත් ජනතාව පිළිබඳ සැලසුම් කිරීමේදී මේ වයස් කණ්ඩායම් තුන ගැනම අවබෝධය ඉතාම වැදගත්. 0-14ත් අතර ජනගහනය අනාගත නිෂ්පාදකයන්. ශ්‍රම බළකාය වර්තමාන ආර්ථිකයට සෘජුව දායකවන්නන්. 60ට වැඩි ජනතාව විශ්‍රාමික ජනතාව ලෙස හඳුන්වනවා. මේ ජනගහන ව්‍යුහයේ වෙනස්වීම් අනුව පුළුල් වයස් කාණ්ඩ ක්‍රමිකව වෙනස් වෙනවා. ළමා ජනගහනය ක්‍රමයෙන් අඩු වීම සහ වියපත් ජනගහනය ක්‍රමිකව වැඩි වීම තමයි දැන් තිබෙන තත්ත්වය.
ශ්‍රී ලංකාව තුළ වියපත් ජනතාව වැඩිවෙලා තිබෙන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපනය තුළ පවතින ශීඝ්‍ර දියුණුවයි. වර්තමානයේ ළමා ජනගහනය ක්‍රමිකව අඩුවෙමින් ක්‍රමිකව වයස්ගත ජනගහනය වැඩිවෙමින් පවතිනවා. මේකට හේතු වෙන්නේ උපතේදී ආයු අපේක්ෂාව වැඩි වීමයි.
වැඩිහිටියන් "රිදී ආර්ථිකය" ලෙස ශ්‍රම බළකායට ඇතුළත් කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි හා ආබාධ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂ වෛද්‍ය ශිරෝමි මාදුවගේ
ශ්‍රී ලංකාව තුළ වැඩිහිටි ජනගහනය අර්ථ දක්වන්නේ වයස අවුරුදු හැට සහ ඊට වැඩි අය ලෙසය. ජන හා නිවාස සංගණන වාර්තාව - 2012ට අනුව, ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය නියෝජනය කරන්නේ මුළු ජනගහනයෙන් අටෙන් එකක් වන අතර, එය 12.4෴කි. වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයන් ප්‍රමාණය මුළු ජනගහනයෙන් 30෴කට ආසන්න වනු ඇතැයි තක්සේරු කර ඇත.
වැඩිහිටියන් අතර බහුල සෞඛ්‍ය ගැටලු වන්නේ බෝ නොවන රෝග, මානසික ආබාධ සහ දිගුකාලීන රෝග වේ.
එම සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීම පිළිබඳව සලකා බලන කල, විශේෂයෙන් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා නිසි පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ජීවිත කාලය පුරාම වැදගත් වේ. තවද වැඩිහිටියන් අතර සිදුවන හදිසි අනතුරු හා සමහර ආබාධ වැළැක්වීම සඳහා වැඩිහිටි හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමද අවශ්‍ය වේ.
වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන සමහර සමාජ ගැටලු අතර ආදරනීයන්ගෙන් වෙන්වීම, තනිව ජීවත්වීම, වැඩිහිටි නිවාසවලට ඇතුල්වීමට සිදුවීම, වැඩිහිටි අපයෝජනය, රැකබලාගන්නන්ගේ අවශ්‍යතා සහ ලබාගැනීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම සහ නීතිමය ගැටලු වේ.
වැඩිහිටියන් මුහුණදෙන ආර්ථික ගැටලු හඳුනාගැනීමද වැදගත් වේ. මූල්‍ය ආධාර නොමැතිකම, මූල්‍ය අනාරක්ෂිතතාව සහ අස්ථාවරත්වය, රැකවරණය සඳහා වන වියදම වැඩිවීම යන ගැටලු ඒ අතර ප්රමුඛ තැනක් ගනී.
වයස්ගත පුද්ගලයන් ඔවුන්ගේ දුර්වල ප්‍රතිශක්තීකරණ තත්ත්වය සහ ඔවුන්ගේ අනෙකුත් රෝගී තත්ත්වයන් නිසා කෝවිඩ් 19 වැනි වසංගත තත්ත්වයන් හමුවේ දැඩි අවදානමට ලක්විය හැකි පිරිසක් වන අතර, එම තත්ත්වය තුළ ඔවුන්ට විවිධ සෞඛ්‍ය හා සමාජ ගැටලු ඇති වේ. එම නිසා වසංගත වැනි විශේෂ අවස්ථාවන්ට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව වැඩිහිටියන් අතර දැනුවත්භාවය වැඩිකිරීම අත්‍යාවශ්‍ය වේ. තවද වසංගත සඳහා සූදානම් වීම සහ සැලසුම් කිරීම වැඩිහිටියන්ට ගැළපෙන පරිදි සිදුකළ යුතුය.
මහලු වියේදී ක්‍රියාශීලීව හා සෞඛ්‍යසම්පන්නව සිටීමට නම්, වැඩිහිටි ජීවිතය කල්තියා සැලසුම් කළ යුතු අතර, එය වයසට යාමේ පොදු ගැටලු මඟහරවා ගැනීමට උපකාරී වේ.
වැඩිහිටියන් සඳහා වන සෞඛ්‍ය සේවා පද්ධති සඳහා බහුවිධ කණ්ඩායම් සහභාගිත්වයෙන් පරිපූර්ණ ප්‍රතිකාර හා සත්කාර ප්‍ර‘වේශයක් අවශ්‍ය වේ. වැඩිහිටියන්ට ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා වයෝවෘද්ධ සත්කාර සඳහා කැපවූ අතරමැදි හා දිගුකාලීන සත්කාර ආයතන වැඩි වශයෙන් ස්ථාපිත කළ යුතුය.
එදිනෙදා සමාජයේ වැඩකටයුතු වලට වැඩිහිටියන් සහභාගි කරගැනීම වැදගත් වන අතර, එහිදී ඔවුන්ගේ අත්දැකීම් උපදෙස් සහ යෝජනා පිළිගත යුතුය.
වැඩිහිටියන් "රිදී ආර්ථිකය" ලෙස ශ්‍රම බළකායට ඇතුළත් කළ යුතුය.
වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සඳහා වන ජාතික වැඩසටහනේ කේන්ද්‍රස්ථානය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි හා ආබාධ ඒකකයයි. ජීවිත කාලය පුරාම ක්‍රියාශීලී වයස්ගත වීම පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම ඇතුළු වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීම සඳහා බොහොමයක් වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. තවදුරටත් වැඩිහිටියන්ගේ අවශ්‍යතා සහ උවමනා පිළිබඳ සලකා බලමින්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය සේවා බෙදාහැරීමේ සැලැස්මට සමගාමීව පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්ද ක්‍රියාත්මක වේ.