Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
අපි විශාල ආර්ථික අඟහිඟකම්වලින් ජීවත් වුණු මිනිස්සු නෙමෙයි. හොඳට ඉගෙන ගත් මිනිස්සු, හොඳට ජීවත් වුණා. ඉන් පස්සේ තමයි මුද්‍රණාලය පටන් ගත්තේ. මොකද මගේ අයියා උපකාරක පන්ති ගුරුවරයෙක්. තාත්තා ජීවත් වුණේ අපෙන් වෙන්වෙලා. ඒ නිසා අපි පොඩි කාලයේ ඉඳන්ම ජීවත් වුණේ අම්මත් එක්ක. මේ අතරේදී තමයි මට %විශ්ව සියපත^ කියන වීඩියෝව හමුවෙන්නේ. ඒකත් අහම්බයෙන්. නාසා ආයතනයෙන් පවසන %Area 51^ නම් කලාපයක් ගැන තමයි එහි තිබුණේ. මම බැලුවා මොකක්ද මේ කියලා. මට ඒ කාලයේ බුද්ධශාසනය සම්බන්ධයෙන් කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. මොකද මම පන්සලට නිතර ගිය කෙනෙක් නෙමෙයි. ඒ වීඩියෝවේ තිබුණේ නාසා ආයතනය මේ ලෝකයෙන් පරිබාහිර ලෝක එක්ක සම්බන්ධතා පවත්වාගෙන යෑම පිළිබඳ අතිශය අබිරහස් ක්‍රමවේදයක් ගැන. එහි තවත් දෙයක් ගැන සඳහන් කරල තිබුණා. ඒ තමයි ඔවුන් ඒ පිටසක්වළ ජීවීන් සමග කළ සන්නිවේදනයේදී යම් නමක් ගැන. ඔවුන් ඒ නම අදාළ කෙනාව අනුගමනය කරනවා කියලත් සඳහන් කරලා තිබුණා. ඒ තමයි 'තථාග' යන නම.
වෙනත් විදියකින් කිව්වොත් අපේ බුදුපියාණන් වහන්සේ ගැන තමයි ඒ ආකාරයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි තවත් නමක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ තමයි 'නිදුක්ඛ'. ඒ කියන්නෙ 'නිදුකාණෝ' යන අදහසින්. ඒ වීඩියෝවේදී උන්වහන්සේ පිටසක්වළ ජීවීන් සමග පවතින සම්බන්ධතා ගැනත් ත්‍රිපිටකය සමග ගළපා විශාල පැහැදිලි කිරීමක් කරලා තිබුණා. අවසානයේදී බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය නිසා තමයි මේ ලෝකය ආරක්ෂා වෙලා තියෙන්නේ කියලත් එහි සඳහන් කරලා තිබුණා. ඒ වගේම කවදාවත් අපේ රට කාටවත් යටත් කරගන්න බැරි මේ රටේ බුද්ධශාසනය තියෙන නිසා කියලත් සඳහන් කරලා තිබුණා. අනික විද්‍යාඥයන්ටත් තියෙන ගැටලුව මීට වඩා බල සම්පන්න ජීවීන් පෘථිවියෙන් එපිට ඉඳලත් ඇයි පෘථිවියට පහර දෙන්නේ නැත්තේ යන්න. ඒකට හේතුව මෙහි පවතින බුද්ධශාසනය.
ඒ බවත් එම වීඩියෝවේ ඉතා අපූරුවට පැහැදිලි කරලා තිබුණා. එතැන ඉඳන් තමයි මාව වෙනස් වෙන්න පටන් ගත්තේ. එදා තමයි බුදුපියාණන් වහන්සේගේ උතුම් බව මම අවබෝධ කර ගත්තේ. එතැන ඉඳන් තමයි බුදුදහම හොයන්න පටන් ගත්තේ. ඒ අතරේ මට ධර්ම දේශනාවක් අහන්න අවස්ථාව සැලසුණා. ඒ මොහොතේදී තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන්න පටන් ගත්තේ. හැබැයි එතකොට තමයි මාර බලවේගත් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මොකද අපේ නෑදෑ පිරිස් මගේ ගමනට බාධා කරන්න පටන් ගත්තා. අනික ඉස්සර වගේ දහගුණයක බිස්නස් එකදිගට ගලාගෙන එන්න පටන් ගත්තා. මට තිබුණේ ඒ කාලයේදී වාඩිවෙලා ඉන්න විතරයි.
මම මගේ පැවිදි වීමේ තීරණයේ දිගටම හිටියා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට මාරයන් පස් දෙනෙක් අපේ ගමනට බාධා කරනවා. කාම ලෝකවල ඉහළම තියෙන්නෙ 'පරිනිර්මිත වසවර්තිය'. එහි ප්‍රධානියා තමයි 'වසවර්ති මාරයා' හෙවත් 'මාර දිව්‍ය පුත්‍ර' කියලා කියන්නේ. එයාට ඕන මිනිස්සු කාල ඇඳල ඉන්නවා දකින්න. හැබැයි නිවන් දකින්න දෙන්නෙ නැහැ. මොකද ඒකට එයා කැමැති නැහැ. එයාගේ ක්‍රමයට ඒක විරුද්ධයි. මාර පාක්ෂික අමනුෂ්‍යයො කොටසකුත් එයා යටතේ ඉන්නවා. ඔවුන් තමයි නිවනට බාධා ඇති කරන්නේ. ඒත් පියවි ඇසට මේවා නොපෙනෙන නිසා බොහෝ දෙනෙක් මේවා විශ්වාස කරන්නේ නැහැ. ඒකට තමයි 'දස වස්තුක මිථ්‍යා දෘෂ්ටි' කියලා කියන්නෙ. හැබැයි විද්‍යාඥයන් පවා කියන්නේ අපේ ඇසට පෙනෙන්නෙ 02%ත්, 05%ත් අතර පරාසයක් විතරයි කියලයි. ඒක දැන් හොයාගෙන ඉවරයි. ඒත් ඇසට නොපෙනෙන, කනට නොඇසෙන දේ පිළිනොගන්නා අපේ හුඟක් අයට මරණයෙන් පස්සේ සිදු වෙන්නෙ අපාගත වෙන්න.
බුද්ධශාසනය පූර්ණය කර ගන්න උත්සාහ කරන කෙනෙක් ඒවා අදාළ කරගන්න ඕන නැහැ. ඒත් සමහර දෙවිවරුන්ට පුළුවන් පිහිටක් දෙන්න. හැබැයි සරණ යන්න පුළුවන් ත්‍රිවිධ රත්නය පමණයි. දෙවියන් සරණ යන්න බැහැ. ඒක අපේ මිනිස්සු පටලවාගෙන ඉන්නේ. අනික සරණ කියලා කියන්නේ මේ සංසාරේ නවත්වන වැඩපිළිවෙළට. ඒක කරන්න පුළුවන් බුද්ධ, ධම්ම, සංඝ ඇසුරු කරන කෙනෙකුට පමණයි. ඒ නිසා කාම ලෝකයේ යම් බාධකයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මේ හරහා දෙවියන්ගෙන් පිහිටක් ලබා ගන්න පුළුවන්. ඒත් ඒකට තමන් හොඳ ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්න ඕන. හැබැයි යාගහෝම පස්සෙම යන්න කියලා බුදුන් වහන්සේ කොහේවත් දේශනා කරලා නැහැ.
බැරි නැහැ. ඒත් නිවන පූර්ණය කර ගන්න අමාරුයි. එහෙම අය අතේ ඇඟිලි ගාණටත් අඩුයි. ඕකත් අපේ ගොඩක් අය පටලවා ගත් තැනක්. එදා සමාජය අදට වඩා වෙනස්. අනික අපි මේ ජීවිතේ පුරාම දැකලා තියෙන්නේ හීනයක් විතරයි. අපි කරන බොහෝ රැකියා අපට කරන්න වෙලා තියෙන්නේ මේ ලෝකයේ සාරයි කියලා හිතාගෙන. ඉතින් මම ඒ අසාරත්වය දැක දැක, මොහොතක් මොහොතක් ගාණේ සිදුවන මේ පෙළීම දැක දැක, මනසේ වික්ෂිප්ත ස්වභාවය දැක දැක, තවදුරටත් මේ ගිහි ජීවිතයේ ඉන්න එකේ තේරුම මොකක්ද? මට ඒක අවබෝධ වුණා.
තිරිසනා සහ මිනිසා අතර තිබිය යුතු වෙනස මට පැහැදිලි වුණා. අනික තිරිසනුන්ටත් වඩා මනුස්සයා පුදුමාකාර විදියේ තමන් විසින්ම ආරෝපණය කරගත් පෙළීම් ගොඩකින් අද වෙද්දි දුක් විඳිනවා කියලා මම තේරුම් ගත්තා. ඒ නිසා කෝටි ලක්ෂයක් සක්වළයන්ගෙන් ගැලවිලා, දසදහසක් ලෝක ධාතුවට ඇවිත්, බුදුරජාණන් වහන්සේ ඉපදුණු ලෝකයෙත් ඉපදිලා, උන්වහන්සේගේ දහමත් හම්බ වුණු මම, උන්වහන්සේගේ චීවරය නොදරා ඉන්න තරම් අඥාන වුණේ නැහැ. අනික බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුණෙත් මනුෂ්‍යයන් වෙනුවෙන්. තමන් වහන්සේ සොයාගත් ප්රත්යක්ෂ දහම දේශනා කළෙත් මනුෂ්‍ය ලෝකයේ වැඩ හිඳිමින්. අනික උන්වහන්සේ ඒ දහම සොයා ගත්තෙත් අවිනිශ්චිතවාදී දෘෂ්ටිකෝණයක ඉඳන් නෙමෙයි. මම හැමදාම මගේ ව්‍යාපාරය හරහා අනික් අය සතුටු කළා මිසක් මගේම නිරාමිස සතුටක් ලබන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකක්ද එතකොට මම ඒ ගත කරලා තියෙන ජීවිතය? දවසින් දවස මේ විදිහට හීන වෙන්නේ අමාරුවෙන් අත්පත් කරගත් මනුෂ්‍ය අත්භවය. එයින් ප්‍රයෝජනයක් ගන්න බැරි නම් මොකක්ද මගෙන් ඇති ඵලය? මොකද ඉතා අඩු ප්‍රමාණයක් පමණයි නැවත සුගතිගාමී වෙන්නෙ.
සමකාලීන දහම නිර්මාණය වී තිබුණේ ඍෂිවරුන් හරහා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ධ්‍යානලාභී පිරිස්. එහි තියෙන්නේ බ්‍රහ්ම ලෝකවලට යෑමේ ක්‍රමවේදයක්. ඒත් ඒක කාම ලෝකවලට වඩා ශ්‍රේෂ්ඨයි. පරම ගාම්භීර දහමක්. කතෝලික දහමේ තියෙන්නෙත් දිව්‍යලෝකවලට යන ක්‍රමවේදයක්. ඒත් ඒ හැමෝටම තමන්ගේ පුණ්‍ය ශක්තිය අවසන් වුණාම අත්වෙන්නේ නැවත සසරේ ඊළඟ නවාතැන්පොළට යන්න. ඔය අතරින් බොහෝ දෙනෙකුට උරුම වෙන්නේ සතර අපාය. වෙනත් විදියකින් කිව්වොත් සත්ත්වයන්ගේ මහගෙදර. හැබැයි බුදුදහම කියන්නේ එතැනින් එපිටට ගිය දහමක්.
අතීත මතකයන් කියන්නේ මෘතකයට. ඒ කිව්වේ මරණයට පත් වූ ගොඩවල්. රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණ කියන ගොඩවල්. මෘතකයට තමයි අපි මතකය කියන්නේ. මේ සැණින් දෙයක් විද්‍යමාන වුණොත්, එය ඒ සැණින් මතකයට යනවා. අතීත මතකය හරයක් නැහැ කියලා තේරෙන්න තේරෙන්න, ඒ අතීතයට ඇති බැඳීම සිඳීබිඳී යනවා. අතීතයට ගිය දේවල් ටිකක් සුඛයි, සාරයි කියලා මෝහයෙන් අපි අල්ලන් ඉන්නවා. ඒකම නේද අපි අනාගතයේදීත් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එදා ඒ අරමුණු ගැන එන හැඟීම අද වෙද්දි සෑහෙන්න වෙනස් වෙලා. ඒ නිසා වර්තමානයේ ඇති තත්ත්වය අපේ උරුමය කියලා තේරුම් අරගෙන, මුඛ්‍ය පරමාර්ථය කරගත් නිවනට යන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ.
අපි අපේ ජීවිතය සාර්ථකයි කියලා කියන්නේ අපි හදාගත් සාර්ථකත්වයේ රාමුවට සාපේක්ෂව. එහෙම බැලුවාම මම කිසිම හරයක් නැති වැඩපිළිවෙළකයි ගිහි ජීවිතේ නියැළිලා හිටියේ. ඒක මට දැන් තේරෙනවා. අපි උත්සාහ කළේ ලෝකය අල්ලන්න. ඒක කවදාවත් ඉවර වෙන දෙයක් නෙමෙයි. හරියට විද්‍යාව වගේ. කවදාවත් යාවත්කාලීන වෙලා නවතින්නේ නැහැ. ඒත් පැවිද්දෙදි අපි නියැළෙන්නේ ඇලීම සහ ගැටීමට අදාළ අරමුණුවලින් ඉවත් වීමේ ක්රමවේදයක. එතැනදී නිවන හෝ නිවනට උපකාරී වන යමක් හොඳයි යන අරමුණු නැති කර ගත්තාම තමයි නරකයි යන අරමුණු නැති වෙන්නෙ. එතකොටයි මෝහය නැති වෙන්නෙ. එතකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නෙ. පෙළීම් සහගත ජීවිතයකට තමයි අපි ගිහි ජීවිතයේදී නිතරම සංඛාර වඩන්නේ. ඒක එකිනෙකාට සාපේක්ෂයි. ඒ නිසා තමයි මේ සංසාරේ දුකයි කියන්නේ. ඒ නිසා රාග, ද්වේෂ, මෝහ ප්‍රහීන කිරීමෙන් තමයි නිබ්බාන සුවය අත්වෙන්නේ. ඒක මට අවබෝධ වෙලා ඉවරයි. ඒ නිසා දැන් උත්සාහ කරන්නේ මට අරමුණු වන රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත දේවල් ගැන අනිච්ච, දුක්ඛ, අනාත්ම වඩන්න. එතකොටයි ඒ පෙළීමෙන් නිදහස් වෙන්නෙ. එතකොටයි නිරාමිස ප්‍රීතිය උදා වෙන්නෙ. එතකොටයි ලෝකෝත්තර වෙන්න පුළුවන් වෙන්නේ.
කොහොමටවත් නැහැ. එහෙම ඉච්ඡාභංගත්වයට පත්වෙන්නෙ මාර්ගය පැහැදිලි නැති අය. නිවන දැකලයි නිවනට යායුත්තේ. දැක්කා කියන්නේ නිවන පූර්ණය වුණා කියන එක නෙමෙයි. ඒත් කවදා හෝ පූර්ණය කරගන්න පුළුවන් බව පැහැදිලියි. ඒ නිසා නිවන දැක්කට පස්සේ ළඟා වීම තමන්ගේ වැඩක්. මොකද මෙහි තියෙන්නේ මග වැඩීමේ වැඩපිළිවෙළක්. එතකොට ලෝකයේ අතහරින්න දෙයක් නැහැ. අතහැරෙනවා. අනික මාර්ගය පැහැදිලි කෙනාට තමන් තුළ තියෙන අඩුපාඩුත් පෙනෙන්න පටන් ගන්නවා. තමන්ගේ මට්ටම කොතැනද තියෙන්නේ, තව කොපමණ දුරක් යායුතුද යන්නත් පෙනෙන්න පටන් ගන්නවා. නිවන පූර්ණය වුණාම ඒ බවත් ප්රත්යක්ෂ කර ගන්නවා.
ආමිස පූජාව වැදගත්. හැබැයි ඒක නිවන නෙමෙයි. අපට සංසාරෙන් එතෙර වෙන්න පිං ඕන. ඒ නිසා ආමිස පූජාවෙන් පටිච්ච සමුප්පාදය දැකගන්නත්, ප්‍රඥාව තියෙන්න ඕන. හේතු ඵල දහමින් දෙයක් විද්‍යාමාන වෙන්නේ කොහොමද කියලා අවබෝධ කර ගන්නත් ප්‍රඥාව තියෙන්න ඕන. නැතුව ආමිස පූජාව නිවනට ඍජුව උපනිශය වෙන්නේ නැහැ. නමුත් ආමිස පූජාව යමෙකුට නිවන් දකින්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න උදවු වෙන්න පුළුවන්. ප්‍රඥාවන්තයාට ආමිස පූජාව තමන්ගේ කයට ගළපාගෙන විදර්ශනා වඩන්න පවා පුළුවන්.
පැවිදි වුණු වෙලාවේ දැනුණා වගේ සිය දහස් ගුණයක ප්‍රීතියකින් මම අද ඉන්නෙ. දවසින් දවස බුදුපියාණන් වහන්සේ මගේ හිතේ පැලපදියම් වෙනවා. දහමත් එක්ක මම ටික ටික රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඈත්වෙමින් ඉන්නවා. නිරාමිස ප්‍රීතිය මට දවසින් දවස දැනෙන්න පටන්ගෙන තියෙනවා. ඒ නිසා කවදා හෝ මට නිවන පූර්ණය කරගන්න පුළුවන් කියලා දැන් විශ්වාසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd