Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අම්බලන්තොට ගොවිජන සංවර්ධන බල ප්‍රදේශයට අයත් අම්බලන්තොට, තවාලුවිල, අන්දරලන්ද, ගිනිගල්ලන්ද යන කුඹුරු යාය නීතිවිරෝධීව ගොඩ කරමින් ඉදිකරනු ලබන ගොඩනැගිලි සම්බන්ධයෙන් මීට මාස 08කට පමණ පෙර සිට අවස්ථා කීපයකදීම වර්තා කරනු ලැබුවත්, ගොවිජනසේවා නිලධාරීන් කාලයක් තිස්සේ ඒ සඳහා නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකළ පසුබිමක අදාළ පුද්ගලයන් රිසි සේ එම ඉදිකිරීම් සිදුකරගෙන යන ලදී.
කෙසේනමුත් මේ සම්බන්ධයෙන් දිගින්දිගට තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් ලබාගත් තොරතරුද උපයෝගී කර ගනිමින් %අද^ පුවත්පත මගින් සිදුකළ අනාවරණයන් හමුවේ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ 04වනදා විගණනයක් සිදුකරන ලදී. එහිදී අනාවරණය වූ කරුණු අනුව මාර්තු 05වනදා දින එම නීතිවිරෝධී ගොඩකිරීම සිදුකළ කුඹුරු ඉඩම තුළ ගොඩනැගිලි ඉදිකරමින්, එහි පුද්ගලයන් හා ඒ සඳහා අනුබල දුන් ඉඩම අයිති ව්‍යාපාරිකයා සහ ඉදිකිරීමට ගත් උපකරණ ගොවිජන සේවා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එමෙන්ම 05වනදා සිදුකළ වැටලීම 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතේ 32(6)(5) වන උපවගන්තිය යටතේ සිදුකළ වැරදි හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. එමෙන්ම එම පනතේ 32(7) (6) වගන්තිය අනුව එම වැරදි සිදුකළ පුද්ගලයන් වහාම මහේස්ත්‍රාත් අධිකරණයක් සඳහා ඉදිරිපත් කළ යුතුය.
අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයේ අදාළ නිලධාරීන් හෝ හම්බන්තොට ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක් තුළ අද වනවිටත් මේ ආකාරයෙන් තවත් කුඹුරු ඉඩම් රාශියක් පුද්ගලයන් බොහෝදෙනෙකු විසින් ගොඩකරමින් ඇති අතර, මේ වන විටත් ඉදිකිරීම් සිදුකරනු ලබයි.
මේ ආකාරයෙන් කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා ගොවිජනසේවා පනත මගින් අවසර නොමැති වුවත්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිසි අයුරින් නිසි කලට නීතිය ක්‍රියාත්මක නොකිරීමේ හේතුව නිසා අද වන විට බලය සහ ධනය ඇත්තෝ රිසි සේ කඹුරු ඉඩම් ගොඩ කරමින් තම වෙනත් වාණිජ අවශ්‍යතාවන් ඉටුකරගනු ලබන්නේ රටේ නීතිය සැමට සමාන බව බිඳලමිනි. මෙහිදී බොහෝ ගොවීන් කියා සිටින්නේ ගොවිජන සේවා නීතිය ක්‍රියාත්මක වන්නේ අහිංසක ගොවීන්ට පමණක් කියාය.
කුඹුරු ගොඩකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් සමන් ප්‍රේමලාල් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙන බවයි.
ඔහු එසේ කියා සිටියත්, ආදාළ කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් නඩු විභාගයක් කර නොමැති අතර, ඒ තුළ අදාළ පුද්ගලයන් ගොඩනැගිලි සාදා නිමකොට, ඒ ආසන්නයේ ඇති තවත් කුඹුරු බිම් තුළ ඉදිකිරීම් සිදුකරමින් යයි. ඒ සඳහාද ගොවිජන සේවා නිලධාරීන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක පුද්ගලයන් කිහිපදෙනෙකු රිසි සේ ගොවිජන සේවා නීතිය කඩ කරනු ලැබීය.
අදාළ නීතිවිරෝධී ගොඩනැගිලි ඉදිකරනු ලබන මෙම කුඹුරුයාය තුළ 2005 වර්ෂයේ සිට මේ දක්වා විටින් විට ගොඩකරමින් නීතිවිරෝධී ආකාරයෙන් ගොඩනැගිලි ඉදිකරනු ලැබුවත්, අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් හෝ හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් කාර්යාලය මගින් හෝ නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමන හේතුවක් නිසාද යන්න බරපතළ ගැටලුවකි.
මේ සම්බන්ධයෙන් නිල වශයෙන් වූ තොරතුරු දැනගැනීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතට අනුව මෙම කුඹුරු ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැනගැනීම සඳහා 2020 පෙබරවාරි 20වන දින අම්බලන්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත තොරතුරු ඉල්ලුම්පතක් යොමු කළේය. එහිදී ලැබුණු තොරතුරුවලට අනුව අනාවරණය වූයේ මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවසරයක් ගෙන නොමැති බවත් ඒ සියලු ඉදිකිරිම් නීති විරෝධී බවයි.
එමෙන්ම මෙහි ඉදිකර තිබෙන ගොඩනැගිලි දෙකක් සම්බන්ධයෙන් පමණක් තහනම් නියෝගයක් ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන කාර්යාලය වෙත පිටපත් යොමුකර තිබෙන බවද එහි සඳහන් කර තිබේ. කෙසේ නමුත් මෙම නීතිවිරෝධී කුඹුරු ඉඩම් සම්බධයෙන් වූ තොරතුරු දැනගැනීම සඳහා 2020 මාර්තු මස 04වන දින හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් තොරතුරු ඉල්ලා සිටි අතර, එහිදී ලිපි අංක 9/1/3/17(III) යටතේ එවා තිබූ ලිපියේ දන්වා තිබුණේ මේ සම්බන්ධයෙන් වූ තොරතුරු එම කාර්යාලයේ නොමැති බවයි.
අදාළ කුඹුරු ඉඩම් ගොඩකරන්නන් විසින් මෙම කුඹුරු ඉඩම් ගොඩකිරීම හා ඉදිකිරීම ආරම්භ කරනු ලබන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනයන් තුළදී වීම විශේෂත්වයකි. එයට ප්‍රධානතම හේතුව එම දිනයන්හී රාජ්‍ය ආයතන බොහොමයක් රාජකාරී කටයුතු නොකරන හා අදාළ නිලධාරීන් නොමැති වීම තුළ රිසි සේ තම නීතිවිරෝධී කටයුතු සිදුකරගැනීමට අවස්ථාව ලැබීමයි. එයද රජයේ නිලධාරියෙකුගේම අදහසක්ද?
නීතිවිරෝධී කුඹුරු ගොඩකිරීම සඳහා අවසරදීමේ තැතක්
එමෙන්ම මේ ආකාරයෙන් නීතිවිරෝධීව කුඹුරු ඉඩම් ගොඩකරමින් පසුව ඒ සඳහා අවසර ලබාගන්නා තැනට නිලධාරීන් නම්මා ගැනීම අදාළ ජාවාරම්කරුවන්ගේ සැලසුම් වේ. බොහෝ අවස්ථාවන්හී ගොවිජන සේවා නිලධාරීන් එම ගොඩනැගිලි සඳහා අවසර ලබාදීමද සිදුකරනු ලබන්නේ කුමන වරප්‍රසාද වෙනුවෙන්ද යන්න නීතිගරුක නිලධාරීන්ගේ අවධානයට, විමර්ශනයට යොමු විය යුතු කාරණාවකි.
එමෙන්ම ගොවිජන සේවා පනතට අනුව කුඹුරු ඉඩමක් ගොඩකර ගැනීමට පෙර කුඹුරු ඉඩමක් නොවන බවට සහතිකයක් ලබාගැනීම සඳහා ඉඩමේ පිඹුරුපත සමග ඔප්පු පිටපතක් ඉල්ලුම්පත්‍රය සමග කොමසාරිස් ජනරාල්වරයාට ඉදිරිපත් කළ යුතුය. ලැබෙන ඉල්ලුම්පත් අනුක්‍රමික අංකයක් යටතේ ලේඛනගත කිරීමෙන් පසු ගොනුවක් විවෘත කර අනුක්‍රමික අංකය/ ගොනු අංකය (බලපත්‍ර අංකය) ලෙසට සටහන් කර ඉඩම පිහිටි දිස්ත්‍රික්කය සඳහා පත්කර සිටින නියෝජ්‍ය කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් වෙත අවශ්‍ය නිරීක්ෂණය හා නිර්දේශයන් සඳහා යොමු කළ යුතුය.
එමෙන්ම 2011 අංක 46 දරන ගොවිජන සංවංර්ධන සංශෝධිත පනතින් සංශෝධනය වූ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වූ නීතියට අනුව එම පනතේ 33වන වගන්තිය මගින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කුඹුරු ඉඩමක් ගොඩ කිරීම, පස් ඉවත් කිරීම හා ගොඩනැගිල්ලක් ඉදිකිරීම නොකළ යුතු බව සඳහන් කර තිබේ.
එම පනතේ 32 -1 වගන්තියට අනුව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව කුඹුරු ඉඩමක් ගොඩකිරීම වෙනත් කටයුත්තක් සඳහා භාවිත කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. එම පනතේම 33 -1 වගන්තියට අනුව එසේ යම් කුඹුරු ඉඩමක් වෙනත් කාර්යයක් සඳහා යොදාගෙන තිබේ නම් එය ඉවත් කිරීමට බලය ලබා දී තිබේ.
එමෙන්ම 2011 අංක 46 දරන ගොවිජන සංවංර්ධන සංශෝධිත පනතින් සංශෝධනය වූ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත කුඹුරු ඉඩම් සම්බන්ධයෙන් වූ නීතියට අදාළව එම පනතේ 35 -1 වගන්තියට අනුව යම් කුඹුරු ඉඩමක් ගොඩකිරීම තුළින් ඒ අසල කුඹුරු සඳහා ජලය ගෙන යන ජලමාර්ග අවහිර වීමද වරදක් බව සඳහන් වේ.
කෙසේ නමුත් එම කුඹුරු යාය තුළම සිටින තවත් ගොවි මහතුන් 12 දෙනෙකු තමන්හට නිවාස ඉදිකර ගැනීම සඳහා එම කුඹුරු යාය තුළ කුඹුරු ගොඩකර ගැනීමට අවසර ඉල්ලා සිට ඇති නමුත්, ඒ සඳහා වසර පහකට අධික කාලයක සිට මේ දක්වා අවසර ලබා දී නොමැත. නමුත් විශාල හෝටල්, වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම් 2005 වර්ෂයේ සිට මේ දක්වා එම කුඹුරු යාය තුළ ඉදිවන අතර, අද වන විටත් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන්, ඒ ඉදිකරනු ලබන කිසිදු නීතිවිරෝධී ගොඩනැගිල්ලක් අධිකරණ ක්‍රියාමාර්ග යටතේ ඉවත් කිරීමට කටයුතු නොකිරීම තුළින් පෙනී යන්නේ 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත කුඹුරු ඉඩම් ගොඩකිරීම් සඳහා වූ පනත ක්‍රියාත්මක වන්නේ අහිංසක ගොවි මහතුන් සඳහා පමණක් මිස ධනවතුන්ට හා බලවතුන්ට නොවන බවයි.
කුඹුරු ගොඩකරන හැටි
සරුසාරව වී අස්වැන්න ලබාගනිමින් තිබෙන කුඹුරු ඉඩම් තුළ මුලින් කෙසෙල් හෝ වෙනත් වගාවන් සිදුකොට වසර කීපයක් ගිය පසුව එම කුඹුරු බිම බොහොමයක් ගොඩවී යයි. කුඹුරු ඉඩම ගොඩබිමක් කිරීමට කටයුතු කරන පුද්ගලයන් එවිට ටිකෙන් ටික පස් දමමින් එය ගොඩ කිරීමට කටයුතු කරන්නේ සූක්ෂම ලෙසය. අනතුරුව කුඹුරු ඉඩම පුරන් වීමට ඉඩහැර පසුව ගොවිජන සේවා නිලධාරීන්හට එය පුරන් ඉඩමක් සේ ඒත්තු ගන්වමින් ඒ සඳහා ගොඩකිරීම් බලපත්‍ර ලබාගැනීම සිදුකිරීම මෙහි එක පියවරක් වේ.
අද වන විටත් මේ ආකාරයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන රාශියක නීතිවිරෝධී ආකාරයෙන් සූක්ෂමව කුඹුරු ඉඩම් ගොඩකිරීම් සිදුකරනු ලබයි. එහිදී ප්‍රථමයෙන් කුඹුරු ඉඩම් තුළ කන්න කීපයක කෙසෙල් වගා කිරීමට කටයුතු කර, පසුව එය පුරන්වීමට ඉඩ සලස්වා අනතුරුව සරුසාර කුඹුරු ඉඩම් මේ ආකාරයෙන් ගොඩකිරීම් සිදුකරනු ලබයි. ඉහත කුඹුරු යායද ගොවිජන සේවා නිලධාරීන්ගේ ඇස් වසා ඒ අයුරින් සූක්ෂමව ගොඩකරනු ලැබූ එකක් වේ. නමුත් රජයේ වැටුප් ලබමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින ගොවිජන සේවා නිලධාරීන් මෙම නීතිවිරෝධී ක්‍රියා හමුවේ අන්ධයන්, බිහිරන් සේ සිටීම සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ ගැටලුවකි.
එමෙන්ම ගොවිජන සේවා නිලධාරීන් මේ ආකාරයෙන් කුඹුරු බිම් ගොඩ වෙනතුරු බලා සිටීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දැක්මද? යන්න ප්‍රශ්න කළයුතු කාරණයක් වේ.
popular news
දිනේෂ් එල්.ඡී Wednesday, 23 June 2021 09:06 AM
කුඹුරු ගොඩ කිරීම තහනම් නම් සියළු සත්වයාට පොදු කාරනයක් වෙන්න ඕන. අධි වේගය හදන්න දහස් ගනන් ගොඩ කරනා යොදා ගන්නවා කනුමත හෝ නොවන රටේ සංවර්ධනයට මුවාවෙන් මහඑවුන්ට 100 200 වේගෙන් හබා යන්න. අනෙකුත් උන්ගේ එපා උවමවාවන් ඉටුකරගන්න. එය සාදරන නෑ.
Reply : 0 3
Gayani hettiarachchi Friday, 20 August 2021 11:49 AM
Me sambandhawa dhenum dhiya yuthu pahath bim sanwardana adhikariye no mokakda
Reply : 0 0
මුදිත කුලසූරිය Monday, 02 January 2023 06:08 PM
මෙම ලිපිය ඉතාම කාලෝචිතයි. මේවා රටට හෙළි කිරීමට පියවර ගත්තාට ස්තුතියි. අප ජීවත්වන බටපොළ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයට අයත් බල ප්‍රදේශයද වැසි ජලයෙන් කන්න දෙකම වගා කළ හැකි සරුසාර කුඹුරු ඉඩම් ඇති නමුත් වසරින්, වසර ලංකාවේ වැඩිපුරම වංචනික ලෙස කුඹුරු ඉඩම් ගොඩකර කුරුඳු හා පොල් වවන ප්රදේශයකි. තනි ජාවාරම්කරුවෙක් කුඹුරු ඉඩම් වල බතල හා ඉන්නල වගා කරන මුවාවෙන් කුඹුරු ගොඩකර වසරක් දෙකක් තුළ කුරුඳු හා පොල් වගාකිරීම සිදුකරයි. එවිට ඔප්පුව මඩ ඉඩමක් සඳහා තිබුණද ඇත්තටම එහි පවතින්නේ ගොඩ ඉඩමකි. ලක්ෂයකට මිලට ගන්නා කුඹුර වසර පහක් පමණ පුරන් කර එහි කුරුඳු හා පොල් වවා නීති ප්‍රතිපාදන වල අඩුපාඩු කදිමට යොදා ගෙන එම ඉඩම් කුඹුරු ඉඩම් ලේඛනයෙන්ද ඉවත් කරගනී. එවිට එම කුඹුරු ඉඩමේ තමන්ට කැමති දෙයක් කළ හැකිය. කුඹුරු ඉඩම් වල වෙනත් බෝග වගා කිරීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය.කුඹුරක් හැදීමට අපේ මුතුන් මිත්තෝ ගත් වෙහෙස මහන්සිය ඔබ දන්නවාද? එසේ බලන කළ කෙසේ කළද කුඹුරු ඉඩම් ගොඩකිරීම් අපාගත වන පවති. ඊට අනුබල දෙන රාජ්‍ය සේවකයාද නොවළහා අපාගත විය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd