සූර්යයා ගවේෂණය කිරීමේ පාකර් සෝලාර් ප්‍රෝබ් යානය අද (12දා) සාර්ථකව උඩු ගුවනට යැවීම සිදුවූ බව නාසා ආයතනය පවසයි.
මෙම යානය ඊයේ දිනයේදී දියත් කිරීමට නියමිතව තිබුණත්, අවසන් මෙහොතේ හඳුනාගත් දෝෂයක් නිවැරදි කිරීමට අවශ්‍ය වූ නිසා මේ ආකාරයෙන් එය දිනකින් කල් දමා තිබුණි.
ෆ්ලොරීඩාවේ, කේප් කැනවාරල් තුඩුවෙන් අභ්‍යවකාශගත කෙරුණු යානය චන්ද්‍රයාගේ සමීපයටම ළඟා වන ප්‍රථම චන්ද්‍රිකාව රැගෙන යෑම මෙහි විශේෂත්වයයි.
සූර්යාගේ සැකැස්ම මෙන්ම, එහි ගිනි දැල් ආදී එහි අරුම පුදුම ස්වභාවයේ සමීප අධ්‍යයනයක නිරත වීම මෙම මෙහෙයුමේ මූඛ්‍ය පරමාර්ථය බව නාසා ආයතනය පවසයි.
එමෙන්ම, දැනට ජීවතුන් අතර සිටින්නෙකුගේ නමින් නම් කෙරුණු ප්‍රථම අභ්‍යවකාශ යානය වීමද මෙහි විශේෂත්වයක් වන අතර, සූර්යය රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා එහි පිටත පෘෂ්ඨය දැඩි තාපයට ඔරොත්තු දෙන ලෙස නිමවා ඇති බවද කියැවෙයි.
වර්ෂ 1958දී සූර්යාගේ පිටත වායුගෝලය හෙවත් කොරොනාව පිළිබඳව ප්‍රථම වරට අදහස් දැක්වූ 91 වැනි වියෙහි පසුවන තාරකා භෞතිකවිද්‍යාඥයෙකු වූ ඉග්වීන් පාර්කර් නමින් මෙම යානය නම් කර තිබේ.
ඩෙල්ඩා IV හෙවි මාදිලියේ රොකට්ටුව ඇමෙරිකානු වේලාවෙන් අද පෙ.ව.3.31ට (ග්‍රිනීච් වේලාවෙන් පෙ.ව.7.31ට) දියත් කිරීම සිදුව තිබේ.