ජපානයේ ප්‍රථම ප්‍රහාරක ජෙට් යානා නියමුවරිය බවට පත් ලුතිනන් මීසා මට්සුෂිමා පසුගියදා සිය රාජකාරී ආරම්භ කර තිබේ.
ජපාන ආරක්ෂක අංශ පවසා සිටියේ ඇය F15 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් පැදවීමට මේ වනවිට ඇය සාර්ථකව පුහුණුව ලබා ඇති බවය.
මෙම අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ ප්‍රථම කාන්තා ප්‍රහාරක ජෙට් යානා නියමුවරිය ලෙස මම මේ මාවත විවෘත කරනවා යනුවෙනි.
ජපානයේ ගුවන් හමුදාව වෙත කාන්තාවන් බඳවා ගැනීම සිදුවූයේ වර්ෂ 1993 සිටය. නමුත්, එහිදීද ප්‍රහාරක ගුවන් යානා හෝ ඔත්තු බැලීමේ යානා මෙහෙයුම් සඳහා කාන්තවන් යොදා ගැනීමක් සිදු නොවීය.
මේ ආකාරයේ වෘත්තීන් කාන්තාවන්ට තහනම් කරමින් පැවති නීතිය යළිත් බලාත්මක කර තිබුණේ 2015 වසරේදීය.
ටොප් ගන් චිත්‍රපටය නැරඹූ අවධියේ සිටම ප්‍රහාරක ගුවන් යානා නියමුවරියක වීමේ නොනිම් ආසාව මා තුළ පැවතියා. එකල ප්‍රාථමික පන්තියක මා ඉගෙනුම ලබමින් සිටියා.
අද වනවිට ජපාන ආරක්ෂක විද්‍යා පීඨයෙන් උපාධිය ලබා ඇති ඇය මාධ්‍ය අමතා වැඩිදුරටත් පවසා සිටියේ තම රාජකාරිය වඩාත් හොඳින් ඉටුකිරීමට තමන් සැදී පැහැදී සිටින බවය.
එය තමන්ට පමණක් නොව, අනාගතයේදී තම අඩිපාරේ ගමන් කිරීමට සූදානම් කාන්තාවන්ටද මහඟු පිටිවහලක් වනු ඇති බව ඇය වැඩිදුරටත් පවසයි.