මාස පහක් තුළ කිලෝමීටර් 1,300ක් (සැතපුම් 807 ක්) ගමන් කරමින් ඉන්දියානු ව්යාඝ්රයෙකු මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ඇවිදීම සිදුකර තිබේ.
විශේෂඥයන් විශ්වාස කරන්නේ අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි සත්වයා ගොදුරක්, භූමියක් හෝ සහකරුවෙකු සොයා ගොස් ඇති බවයි.
ගුවන්විදුලි කරපටි සවි කර ඇති මෙම ව්යාඝ්රයා ජුනි මාසයේ බටහිර මහාරාෂ්ට්ර ප්රාන්තයේ වනජීවී අභයභූමියක් වූ සිය නිජ බිමෙන් නික්ම ගොස් තිබුණි.
මෙම සත්වයා ගොවිපලවල්, ජලය සහ මහාමාර්ග හරහා සහ අසල්වැසි ප්රාන්ත වෙත නැවත නැවතත් ගමන් කිරීම දිගින් දිගටම නිරීක්ෂණය කර ඇත.
මේ ගමනේදී ව්යාඝ්රයා මිනිසුන් සමඟ ගැටුමකට එළඹ ඇත්තේ එක් වරක් පමණි. එයද අහම්බයකින් සිදුවූවකි.
මහාරාෂ්ට්ර ප්රාන්තයේ ව්යාඝ්රයන් 10 දෙනෙකු වාසය කරන ටිපේෂ්වර් වනජීවී අභයභූමියේ ව්යාඝ්රයෙකු වන මෙම සත්වයා එහි උපත ලැබූ පිරිමි පැටවුන් තිදෙනාගෙන් එක් අයෙකු වන සී 1 ලෙස නම් කෙරුණු ව්යාඝ්රයාය.
පසුගිය පෙබරවාරියේදී ඌට ගුවන්විදුලි කරපටි සවිකර තිබූ අතර මෝසම් වැසි ආරම්භ වන තෙක් “පදිංචි වීමට සුදුසු ප්රදේශයක් සොයා ගැනීම” සඳහා එම සත්වයා වනාන්තරවල සැරිසැරීය.