ඇතැම් අවස්ථාවලදී අමතක වෙනවා කියන කාරණය සාමාන්‍ය වීමට හැකිය. නමුත් එය සාමාන්‍ය තත්ත්වයට එහා යන්නේ නම් ගැටලුවක් විය හැකිය. බොහෝ විට අමතක වීම වයසට යාමත් සමග වර්ධනය වීමක් දැකගත හැකිය.
ඔබේ මවගේත්, පියාගේත් මෙන්ම ඔබේ අසල්වැසියාගේ ඇතැම් එදිනෙදා කටයුතුවලදී ඔබ මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙනවා විය හැකිය.එය වයසත් සමග පැමිණෙන සාමාන්‍ය දෙයක් ලෙස ඔබ සිතනවා විය හැකිය. නමුත් එය සාමාන්‍ය දෙයක් ලෙස නොසලකා හැරිය හැකි දෙයක් නොවන බව ඔබ මෙහිදී මතක තබාගත යුතුය. පහත ලක්ෂණයන් ඔවුන් තුළින් දැක ගැනීමට හැකි වන්නේ නම් අනිවාර්යයෙන් ඔබ ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.
01.Mild Cognitive impairment යනු කුමක්ද?
බොහෝ විට වයස්ගත වීමත් සමග මානසික හැකියාවන් දුර්වල වීම සැමට පොදු කාරණයකි. Mild Cognitive impairment යනුවෙන් හඳුන්වන්නේ වයස් ගතවීම සහ පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටමට නොගැළපෙන ලෙස බුද්ධිමය ක්‍රියාකාරකම්වල සිදුවන අඩු වීමය.
උදා-
- මතකය
- භාෂාවේ හැසිරවීම
- තීරණ ගැනීමේ හැකියාව
නමුත් 'ඩිමෙන්ෂියා' රෝග තත්ත්වයේදී මෙන් නොව මෙහිදී එදිනෙදා දෛනික ක්‍රියාකාරකම්වලට මෙම රෝග තත්ත්වයෙන් බාධා ඇති නොවේ. ඇතැම්විට එක් බුද්ධිමය ක්‍රියාකාරකමකටම පමණක් මෙම රෝග තත්ත්වය බලපායි.
- උදා- මතකයට පමණක් බලපෑම් ඇති වේ.
02.මෙම රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි පුද්ගලයන් කවරෙක්ද?
මෙය වයස්ගත වීමත් සමග ඇතිවේ. මෙය බහුලව ඇති වනුයේ අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයන් හටය.
03.මෙම රෝග තත්ත්වය ඇති වීමට බලපාන අවදානම් සාධක මොනවාද?
මෙම රෝගී තත්ත්වය ඇති වීමට හේතුවන සාධක සම්පූර්ණයෙන්ම තවම සොයාගෙන නැත. නමුත් පහත තත්ත්වයන් අවදානම් සාධක ලෙස තහවුරු වී තිබේ.
- වයස්ගත වීම.
- ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇති පවුල් ඉතිහාසය
- විවිධ ලෙඩ රෝග
(කොලෙස්ටරෝල් වැඩි වීම,
අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ ඇතිවීම, ආඝාතය)
04. මෙම රෝග තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?
Mild Cognitive impairment රෝගී තත්ත්වය ඇති පුද්ගලයන් පහත රෝග ලක්ෂණ පෙන්වයි.
1මතකය සම්බන්ධ ගැටලු (නිතර භාණ්ඩ අමතක වීම, යොදාගත් වැඩ අමතක වීම, මීට පෙර මතක තිබූ වැදගත් කරුණු අමතක වීම.)
2.භාෂාව සම්බන්ධ ගැටලු (නිවැරදි වචනය අමතක වීම. එකම ප්රශ්නය නැවත නැවත ඇසීම.)
3. තීරණ ගැනීමේ, හේතු දැක්වීමේ, සැලසුම් කිරීමේ සහ ප්‍රශ්න විසඳීමේ හැකියාව අඩු වීම.
4. මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමේ අපහසුව
5. දුර සම්බන්ධ තීරණ ගැනීමේ ගැටලු
උදා- පඩි අතර දුර පිළිබඳව අවබෝධය අඩු වීම හේතුවෙන් පඩිපෙළවල් නැගීම අපහසු වේ. ගණිතමය හැකියාවන් දුර්වල වේ.
6. එදිනෙදා ඇතැම් කාර්යයන් සිදුකිරීමේ අපහසුතාව
උදා- ඖෂධ ගැනීම අතපසු වීම.
නිවෙස පිළිවෙළට තබා ගැනීම අපහසු වීම.
05. මෙම රෝගී තත්ත්වය විනිශ්චය කරන්නේ කෙසේද?
රෝගියා විසින් වෛද්‍යවරයා සමග රෝග තත්ත්වය විස්තර කිරීමේදී සහ රෝගියාගේ පවුලේ සාමාජිකයන්ගෙන් ලබාගන්නා තොරතුරු ඔස්සේ රෝග විනිශ්චය සිදුකෙරේ. එමෙන්ම මතකය, භාෂාව සහ තීරණ ගැනීම වැනි බුද්ධිමය ක්‍රියාකාරකම් පරීක්ෂා කර බලන සරල පරීක්ෂණ වෛද්‍යවරයා විසින් මෙහිදී සිදුකරනු ලබයි.
06. මෙම රෝග තත්ත්වය කාලයත් සමග වෙනස් වන්නේ කෙසේද?
ඇතැම් විට රෝග ලක්ෂණ කාලයත් සමග උග්‍රවිය හැකි අතර, ඇතැම් විට කාලයත් සමග රෝග ලක්ෂණ නොවෙනස්ව පවතී. එමෙන්ම ඇතැම් විට රෝග ලක්ෂණ අඩු වී රෝග තත්ත්වයේ යම් සුව වීමක්ද කාලයත් සමග දැකිය හැකිය. ඇතැම් රෝගීන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වන අතර, රෝග ලක්ෂණ උග්රවන රෝගීන් ක්‍රමයෙන් %ඩිමෙන්ෂියා^ රෝගීන් බවට පත්වේ.
07. මෙම රෝග තත්ත්වයට ප්‍රතිකාර සිදුකරන්නේ කෙසේද?
මෙම රෝග තත්ත්වය සඳහා විශේෂිත වූ කිසිදු ප්‍රතිකාරයක් දැනට නොමැත. නමුත් අවදානම් සාධක සඳහා ප්‍රතිකාර සිදුකෙරේ.
උදා -
අධිරුධිර පීඩනය සඳහා රුධිර පීඩනය අඩුකරන 'ලොසාටන්' වැනි ඖෂධ ලබාදීම.
කොලෙස්ටරෝල් වැඩි රෝගීන් සඳහා 'ඇටෝවැස්ටැටීන්' ඖෂධය ලබාදීම.
දියවැඩියා රෝගීන් සඳහා රුධිරයේ සීනී අඩු කරන 'මෙට්ෆොමින්' ඖෂධය
මෙම රෝගීන් ජීවන රටාවේ ඇති කරගත යුතු වෙනස්කම් රෝග සුවයට ඉතා වැදගත් වේ.
උදා - දුම්පානයෙන් වැළකීම, මත්පැන් පානය අවම කිරීම හෝ සම්පූර්ණයෙන් නැවැත්වීම.
සෞඛ්යාරක්ෂිත සමබල ආහාර වේලක් ගැනීම.
ක්රමානුකූල ව්‍යායාම සිදුකිරීම.
බුද්ධි වර්ධන ක්‍රියාකාරකම්වල යෙදීමද රෝග සුවය සඳහා ඉවහල් වේ.
උදා- ප්‍රහේලිකා, ගණිත ගැටලු විසඳීම.
(කරුණු දැක්වීම - කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක)