යාහු සමාගම සිය නාමය අල්ටාබා ලෙස වෙනස් කර තිබෙයි. ඒ යාහු සමාගම සිය වත්කම් ඩොලර් බිලියන 4.83ට වෙරයිසන් සමාගමට අලෙවි කිරීමත් සමගිනි. එම ගණුදෙනුව අවසන් වීමෙන් පසුව සමාගමේ ප්රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ මෙරිසා මේයර්ද සිය ධුරයෙන් ඉවත්ව තිබෙයි.
ගණුදෙනුව අවසන්වීමත් සමගින් සමාගමේ තවත් අධ්යක්ෂවරු පස් දෙනෙකු ඉවත්ව ඇති අතර ඉතිරි අධ්යක්ෂවරුන් අල්ටාබා හා රැදෙනු ඇත. අල්ටාබා සමාගමේ කොටස්වලින් 15% චීන අලිබබා සමාගමට අයත්වෙයි.