Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2019 දෙසැම්බර් මස 16 වන සඳුදා
2019 දෙසැම්බර් මස 16 වන සඳුදා
ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නීය.
නවීන තාක්ෂණය හා බැදුණු නව නිපැයුම් ඇගයීම වෙනුවෙන් Construction of Industry Solutions (COINS) ආයතනය මගින් ලොව රටවල් ගණනාවක නව නිපැයුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන තරගයේදී ඇය මෙම ජයග්රහණ්ය හිමිකර ගත්තාය.
ඇමරිකාව, චීනය, එංලන්තය නියෝජනය තමන් සමග එංගලන්තයේ පැවැති අවසන් වටය සඳහා කරමින් නව නිපැයුම්කරුවන් හය දෙනෙකු තේරුණු බවත් ඇය ප්‍රකාශ කළාය.
ලොව පිළිගත් මහචාර්යවරුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලය ඒ අතරින් හොඳම නිර්මාණය ලෙස තම නිර්මාණය තෝරා ගත් බවත් ඇය සඳහන් කළේය.
අධිවේගි මාර්ග ඇතුළු ප්‍රධාන මාර්ග ඉදි කිරිමේදී පස් සාම්පල පරීක්ෂාව සඳහා විද්‍යාගාර වලට ගෙන යායුතු බවත් මේ සඳහා අධික වියදමක් මෙන්ම කාලයක්ද ගත වන බවත් තම මෘදුකාංගය හරහා කාලය හා මුදල් ඉතිරි කරගත හැකි යැයිද ප්‍රකාශ කළාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තුමේන්තුවේ මහචාර්ය එස්.බී.එස් අබේකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඇය මෙම නිර්මාණය සිදුකර තිබේ.
පශ්චාත් උපාධි අපේක්ෂක ජානක වික්‍රමසූරිය මහතාගේ සංකල්පයක් මත මෙම පස් සාම්පල අදාළ ස්ථානයේදීම පරීක්ෂා කිරීමට අවශ්‍යය පරීක්ෂණ සිදුකළ බවත් එය ප්‍රතිපල ජංගම දුරකතනයට පහසුවෙන් ලබාගත හැකි මෘදුකාංගය තමන් නිර්මාණය කළ බවත් ඇය ඇය පැවැසුවාය.
චමිල් රූපසිංහ
popular news
you may also like
kapila Wednesday, 19 June 2019 10:26 PM
මේ දියණියට අපේ සුභපැතුම්. මෙම නිර්මාණය ලෝකයේ හොඳම එක උනාට ලංකාවේ ආණ්ඩුව නම් පිළිගන්න එකක් නෑ. හේතුව දැන් කරන පස් පරීක්ෂා වලින් නිලධාරීන්ට ලොකුවට කොමිස් ලැබෙන නිසා.
Reply : 13 54
Champa Thursday, 20 June 2019 10:34 AM
Wow !!!!!!! Congratulations !!
Reply : 0 3
Nimal Saturday, 22 June 2019 07:26 PM
Congratulations Daughter proud to appreciate your great achievement as Peradeniya Aluminai and Professor at the University of Colombo.Apply for PhD in UK
Reply : 16 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd