තිර තුනක් සහිත පරිගණකය ඇමෙරිකාවේදී සොරකම් කරයි
වීඩියෝ ගේම් සඳහා රේසර් සමාගම විසින් නිශ්පාදනය කර තාක්ෂණික ප්‍රදර්ශනක් සඳහා ඉදිරිපත් කර තිබූ තිර තුනක් සහිත පරිගණකයන් එම ප්‍රදර්ශයේදී කිසිවෙකු විසින් සොරකම් කර ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැති තාක්ෂණික ප්‍රදර්ශනයක් සඳහා සමාගම විසින් මුලින්ම සිය නිර්මාණය ඉදිරිපත් කර තිබුණි. ප්‍රදර්ශන භූමියේ පැවැති සිය මාධ්‍ය කුටියේදී මෙම සොරකම සිදුව ඇතැයි එහි නිලධාරියෙකු විදෙස් පුවත් සේවා සඳහා පවසා තිබේ.
සොරකම පිළිබඳව ඕනෑම තොරතුරක් ලබාදෙන අයෙකුට ඩොලර් 25000 (රුපියල් 3,750,000) මුදලක් පිරිනැමිමට සමාගම තිරණය කර තිබේ.
පරිඝනක ක්‍රීඩා සඳහා විශේෂයෙන්ම මෙම තිර තුනක් සහිත ලැප්ටොප් පරිගනකය නිර්මාණය කර තිබේ. තම සමාගම විසින් මෙම නිර්මාණය කළේ මාස ගණනක පර්යේෂණ වලින් පසුව බවත් සොරකම කළ පාර්ශ්වයන් එය මනා සැලසුමක් සහිතව සිදුකර ඇති බවත් සමාගම නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

