ඇපල් සමාගමේ ඇපල් ජංගම දුරකතන (I Phone) අලෙවිය පසුගිය වසරේ මුල් කාර්තුව හා සැසඳීමේදී සැලකිය යුතු ප්රමාණයකන් අඩුවී ඇති බව සමාගම පවසයි.
පසුගිය වසරේ මුල් කාර්තුවේදී ඇපල් ජංගම දුරකථන මිලියන 51.2ක් අලෙවි වී ඇති අතර, මේ වසරේ මුල් කාර්තුවේදී අලෙවි වී ඇත්තේ මිලියන 50.8කි.
මේ වසරේ අවසන් කාලසීමාවේදී ඇපල් සමාගම නව දුරකථයක් එළිදැක්වීමට සැලසුම් කර තිබීම හේතුවෙන් පාරිභෝගිකයන් එම දුරකථනය මිලදී ගැනීම සඳහා පෙළඹීම මෙසේ දුරකථන අලෙවිය පහළ යෑමට හේතුවී තිබේ.
සමාගමේ ආදායම සියයට 4.6කින් වර්ධනය වී ඇතැත්, එය අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුවීමක් බව විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වෙතත් ඇපල් සමාගමේ ඇපල් ඔරලෝසුව, එයාපොඩ්ස් හා බීට්ස් හෙඩ්ෆෝන් අලෙවිය වර්ධනය වී තිබේ.