www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අදියරේදී ද.කොරියාව පරදා ලකුණු 24-10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියේ පළමු දිනය අද (28දා) පැවැත්විණි. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකාව හොංකොං සමගින් පැවති තරගය ලකුණු 34-00 ක් ලෙසින් පරාජය වීමට සිදුවිය. මෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගි වේ.
මේ අතර මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අංශයේ පළමු දිනයේ සහභාගිවූ තරග ද්විත්වයම පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ ජපානය හමුවේ 34-00 ක් හා තායිලන්තය හමුවේ 36-05 ක් ලෙසිනි. මෙම තරගාවලියටද ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 ක් සහභාගි වේ. කෙසේ වෙතත් අයහපත් කාළගුණයෙන් තරගයට බාධා එල්ල විය.
ඡායාරූප- ඔ්ෂිත වරකපිිටිය
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd