ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්රිකට් තහනම්
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්රිකට් තහනම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඒ ඔහු හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වීම හේතුවෙනි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ෂොහාන් සිය මංගල එක්දින තරගයට බංග්ලාදේශයට එරෙහිව පසුගිය වසරේ තරග කළ අතර එහිදී ඔහු කඩුලු ත්රිත්වයක් දවා ගැනීමට සමත්විය.
popular news
-
Sarathchandra Thursday, 04 June 2020 06:14 PM
ජීවිතේට ආපසු ක්රිකට් ගහන්න දෙන්න එපා. හිරේ දාන්නත් ඕන. නැත්නම් අපේ ළමා පරපුර මේක ආදර්ශයකට අරන් විනාශ වෙලා යාවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
