ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් 12ක් නඩුමගට
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇති පරිහානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සැකසීමේ අරමුණින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් එක්ව ගොනු කළ රිට් පෙත්සමට අදාලව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු විධායක කමිටුවට මාර්තු මස 15 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට (15දා) නොතීසි නිකුත් කෙරිණි.
මෙම පෙත්සම සලකා බැලුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේයි. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුනි, මයිකල් තිසේරා, විශ්‍රාමික විනිසුරු ෂලිම් මර්ෂුක්, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, හිටපු ක්‍රිකට් පරිපාලකයින් වන රියෙන්ස්ලි විජේතිලක, විජය මලලසේකර, ආනා පුංචිහේවා, කුෂිල් ගුණසේකර, සෝමසුන්දරම් ස්කන්දකුමාර්, තිලාන් විජේසිංහ, ආචාර්ය පාලිත කොහොන යන පාර්ශ්වකරුවන් 12දෙනා අභියාචනාධිකරණයේ මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වත්මන් ව්‍යවස්ථාව තුළ දේශපාලන සහ බාහිර බලපෑම් බරපතල ලෙස සිදු වන බවත් එහෙයින් මීළඟ නිලවරණයට පෙර මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා නීතිමය වෙනස්කම් සිදු විය යුතු බවත්ය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                