බංග්ලාදේශ තරගාවලියෙනුත් චන්දිමාල් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම්කළ 22 කුගෙන් යුත් සංචිතයෙන් හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.
එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම්කර ඇති අතර ලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජුලි 26දා, 28 දා හා 31 දා දිවා රාත්‍රි තරග ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, ණුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, ළහිරු මධුශංක

popular news
-
සංජීව Sunday, 21 July 2019 04:09 PM
දැන් කොහොමත් වැඩකට නැති ක්‍රීඩකයෙක්නේ ? ඔහොමම ගෙදර යන්න අරින්න.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

