පුහුණු තරගයෙන් බංග්ලාදේශයට පහසු ජයක්
ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති පුහුණු එක්දින තරගයෙන් කඩුලු පහක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
කොළඹදී අද (23දා) දිවා තරගයක් ලෙසින් පැවැති තරගයේ ශ්රී ලංකා සභාපතිගේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 283ක ඉලක්කය පන්දුවාර 48.1කදී කඩුලු 5ක් දැවී ලකුණු 285ක් රැස්කරමින් පසුකර යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා සභාපතිගේ කණ්ඩායම ලකුණු 282/8 (පන්දුවාර 50) රැස්කිරීමට සමත්විය. එහිදී වේගවත් ඉනිමක් ක්රීඩා කළ දසුන් ශානක පන්දු 63කදී හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 86ක් රැස්කළේය. ඔහුට අමතරව ශෙහාන් ජයසූරිය පන්දු 73කදී ලකුණු 56ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් මිතුන් පන්දු 100කදී ලකුණු 91ක් රැස්කළ අතර මුෂ්ෆිකාර් රහීම් පන්දු 46කදි ලකුණු 50ක් රැස්කළේය.

popular news
-
G w s imesh Tuesday, 23 July 2019 11:51 PM
Good
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

