නවසීලන්තය ටෙස්ට් තරගාවලිය ජය පැරදුමින් තොරව නිමා කරයි
ශ්‍රී ලංකාව සමගින් පැවති දෙවැනි හා අවසන් ටේස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් හා ලකුනු 65 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ සමගින් තරග දෙකකින් යුත් තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකටම ජයපැරදුමින් තොරව අවසන් විය. කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේදී අද(26දා) අවසන්වූ තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 187ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුනු 122 කට සීමා විය. නිරෝෂන් දික්වැල්ල පමණක් එහිදී සාර්ථක වෙමින් ලකුණු 51 ක් රැස් කලේය. පන්දු යැවීමෙන් නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති, අජාස් පටෙල් හා විලියම් සොමර්විල් කඩුළු 2 බැගින් බිඳ හෙලීය.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 244 ක් රැස් කළේය. අනතුරුව නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුළු 6 ක් දැවී ලකුනු 431 ක් ලබාසිටියදී සිය ඉනිම අත්හිටුවීය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ටොම් ලේතම් ලකුණු 154 ක් රැස් කළ අතරඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය. තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්ත කඩුළු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ලින්ට හිමිවිය.
ලකුණු පුවරුව



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
