ක්‍රිකට් රූපවාහිනී විකාශන හිමිකම් පිළිබඳව කමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රූපවාහිනී විකාශන හිමිකම් පිළිබඳව වාර්තාවක් සකස් කිරිමට හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයෙක් නම් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයා එම කවුන්සිලය විසින් නම් කිරීමට නියමිතය.
අයි.සී.සී. සභාපති හා පැවැති සාකච්ඡාවේ ප්රථිඵලයක් ලෙස මෙම කමිටුව පත්කිරීමට කටයුතු කර තිබේ.
ක්‍රිකට් විකාශන හිමිකම් පිළිබඳව කටයුතු කිරීමේදී වඩාත් විනිවිදව කටයුතු කිරීම වෙනුවෙන් මෙම කමිටුව පත්කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාට යොමුකළ ලිපියක දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
