එම්බාපේ ලෝක කුසලානයෙන් ලැබූ සියලුම මුදල් පරිත්‍යාග කරයි
මෙවර පාපන්දු ලෝක කුසලානය ජයගත් ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයෙකු වූ කිලියන් එම්බාපේ එම තරගාවලියේදී තමන් උපයාගත් සියලුම මුදල් පුණ්‍ය ආයතනයක අරමුදලකට බැර කිරීමට තීරණය කර තිබේ.
තරගයක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 22,300ක මුදලක් හිමිවන අතර ඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් සහ තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොල් 506,100ක් (රුපියල් 81,608,602) මෙසේ ප්රදානය කිරීමට නියමිතය.
Premiers de Cordee නම් සංගමයට මෙම මුදල් පරිත්‍යාග කිරීමට නියමිත අතර එම සංගමය ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන සංවිධානයකි.
එම සංගමයේ යාවජීව සාමාජිකත්වය එම්බාපේට හිමිව තිබේ. 19 හැවිරිදි එම්බාපේ මෙවර ලෝක කුසලානයේදී තරගාවලියේ දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකරගත් අතර ඔහු අවසන් තරගයේදී වාර්තා කළ ගෝලයත් සමගින් ගෝල 4ක් වාර්තා කළේය.
පාපන්දු ක්ෂේත්‍රෙය් මිල අධිකම දෙවැනි ක්‍රීඩකයා වන එම්බාපේගේ වටිනාකම යුරෝ මිලියන 180කි.

popular news
-
මුණසිංහ Thursday, 19 July 2018 09:50 AM
ඔබ බොහෝ ක්‍රීඩකයන්ට අාදර්ශයකි. අපේ අයට මේ වගේ දේවල් හිතෙන්නේ නැති එක ගැනනම් දුකයි. පොදි බැදගෙන ගෙනියන්න හදනවා..
Reply : 1 3
Champa Thursday, 19 July 2018 10:00 AM
Well done, Mbappe! French national team is full of immigrants, almost 2/3.
Reply : 1 1
Champa Thursday, 19 July 2018 04:00 PM
Sri Lanka has a talented Blind Cricket Team. They even beat India this year despite many difficulties. They want sponsorship, compassion and encouragement. I wonder whether any organization, charity or otherwise, could offer help. .
Reply : 1 1
ajith Thursday, 19 July 2018 02:12 PM
ඔබගේ අාදර්ශය අගය කරමි. ඔබට ජය.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

