අනතුරක් නිසා නිමාලිට සාග් අහිමිවෙයි
අද උදෑසන සිදු වූ අනතුරකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මලල ක්රීඩිකා නිමාලි ලියනාරච්චිට මෙවර දකුණු ආසියානු ක්රීඩා උළෙලට (සාග්) සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.
පුහුණුවීම් කටයුතු සඳහා නිමාලි අද උදෑසන පැමිණෙමින් සිටියදී ඇගේ යතුරුපැදිය (ස්කූට්) අනතුරකට ලක් වූ අතර, මේ හේතුවෙන් ඇගේ දකුණු අතෙහි අස්ථි බිඳීමකට ලක්ව ඇති බව වාර්තා වේ. මේ වනවිටත් (ප.ව. 4.00 වනවිට) ඇය නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියි.
නිමාලිගේ අත වෙළුම් පටියකින් (plaster of paris) ආවරණය කර ඇති අතර, එය ඉවත් කිරීමට අවම දින කිහිපයක් ගතවනු ඇත. මේ හේතුවෙන් ඇයට මෙවර දකුණු ආසියානු ක්රීඩා උළෙල අහිමි වී තිබේ.
මේ හේතුවෙන් ඇයගේ නම ක්රීඩක ක්රීඩිකාවන්ගේ ලැයිස්තුවෙන් ඉවත්කර තිබේ.
තවත් දින කිහිපයකින් (දෙසැ. 01) දකුණු ආසියානු ක්රීඩා උළෙල ආරම්භ වන අතර, ඒ සඳහා සහභාගිවන ශ්රී ලංකා මලල ක්රීඩා සංචිතය හෙට (29දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
සාග් ක්රීඩා උලෙළේදී ශ්රී ලංකාව රන් පදක්කම් බලාපොරොත්තුව සිටි ක්රීඩිකාව වන නිමාලි, මීටර් 800, මීටර් 1500 සහ මීටර් 400 සහය දිවීම යන ඉසව් සඳහා ඉදිරිපත්වීමට නියමිතව සිටියාය.

popular news
-
Sirisena Thursday, 28 November 2019 04:52 PM
Bad luck dear. Get well soon. All blady society get scooty. Thats big social problem bigger than.tuk tuk
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

