ලොවපුරා රටවලට එන්නත් මිලියන සිය ගණනින් ලබා දීමට චීනය පොරොන්දු වෙයි
චීනය සිය ප්‍රමුඛතම එන්නත් අපේක්ෂකයන්ගේ අවසාන අදියර අත්හදා බැලීම් කළ රටවල් ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 වෛරස එන්නත් මාත්‍රා මිලියන සිය ගණනක් නැව්ගත කිරීමට සූදානම් වන අතර, මෙසේ සංවර්ධනය වෙමින් පවතින රටවලට සාර්ථක එන්නත් සඳහා ප්‍රමුඛතා ප්‍රවේශයක් ලබාදෙන බවට චීන නායකයන් පොරොන්දු වී තිබේ.
දකුණු චීනයේ ෂෙන්සෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ සඳහා දැනටමත් සූදානම් වෙමින් පවතින අතර, මුඛ ආවරණ, ශල්‍ය ගවුම් සහ රබර් අත්වැසුම්වලින් සැරසී සිටින සේවකයන් එහි දැකගත හැකිය. එහි වර්ග මීටර් 350ක භූමි ප්‍රමාණයකින් යුතු උෂ්ණත්වය පාලිත ගබඩා සංකීර්ණ, රටේ ඖෂධ නියාමකයන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇති චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත්වලින් පිරවීමට මෙසේ සූදානමින් සිටියි. එතැන් සිට උෂ්ණත්වය පාලිත භාණ්ඩ ප්‍රවාහන ජෙට් යානා මගින් ලොවපුරා මහද්වීපවලට එන්නත් බෙදාහැරීමට චීනය දැන් සූදානමින් සිටින බව කියයි.
මෙම ගෝලීය මෙහෙයුම හරහා චීනය ලොව අනෙකුත් දියුණු රාජ්‍යයන්ට පෙර, ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල කොවිඩ්-19 අර්බුදය සඳහා ඉක්මණින් විසඳුම් ලබාදීමට පෙරමුණ ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



popular news
-
බණ්ඩාර Wednesday, 02 December 2020 02:01 PM
ලංකාවට නම් චීනය එන්නත් බලෙන්ම දෙයි. ඕව එන්න කලින් ධම්මික බණ්ඩාර වෙද මහතාගේ බෙහෙත් දීල අපේ ලෙඩ්ඩු හොඳ කරගනිමු. චීන ඔය ඉන්ජෙක්ෂන් වලට ඉනා බේත් දාලු දුන්නොත් අපි වශී වෙලා චීනෙට යටත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

