ADA
www.ada.lk
2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා
පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට (PIA) අයත් PK8303 මගී ගුවන් යානය කරච්චි හි ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී ඊයේ (22දා) සිදුවූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මගීන් 91 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය අට දෙනෙකුගෙන් යුත් එයාර් බස් A320 ගුවන් යානයේ ගුවන් නියමුවන් යානය එම නගරයේ ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කරමින් සිට ඇත.
මුලින් යානය එක් ගොඩබෑමකට උත්සාහ කර ඇති නමුත් පසුව එය ව්‍යර්ථ වී යළිත් වටයක් ගොස් පැමිණීමේදී එන්ජිමක් ක්‍රියාවිරහිත වීමෙන් 'මේඩේ' ඇමතුමක් නිකුත් කර තිබේ.
අවම වශයෙන් මගීන් දෙදෙනෙකු අනතුරෙන් බේරී ඇති බව තහවුරු වී ඇති අතර, මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවද එරට මාධ්‍ය පෙන්වා දෙයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, කළු පෙට්ටිය සොයා ගනිමින් ඒ පිළිබඳ විමර්ෂණ ඉදිරියේදී සිදුකරන බව බලධාරීහු පවසති.
මේ අතර දිවි ගලවා ගත් මුහම්මද් සුබෙයාර් පැවසුවේ ගොඩබෑමේ පළමු උත්සාහය හා අනතුර අතර මිනිත්තු 10-15 අතර කාලයක් තිබූ බවයි.
"යානය කඩා වැටීමට ආසන්න බව කිසිවෙකු දැන සිටියේ නැහැ. ඔවුන් යානය සුමට ලෙස පියාසර කරමින් සිටියා" ඔහු පැවසීය.
popular news
පොල් මිල වේගයෙන් පහළට
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දෙහිඅත්තකණ්ඩිය සජබයේ සහ සර්වජන බලයේ දීගය අවසන් වෙයි
දුමින්ද දිසානායකට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd