ට්‍රම්ප්ට උග්‍ර විෂක් සහිත ලිපිය එවා ඇත්තේ කාන්තාවක්ලු
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත උග විෂක් අඩංගු ලිපියක් යවා ඇති බවට සැක කෙරෙන කාන්තාවක් කැනඩාවේ සිට දේශ සීමාව හරහා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපද ආරක්ෂක අංශ පවසයි.
මෙම කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇය සතුව ගිනි අවියක්ද පැවතී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සතියේ ට්‍රම්ප් වෙත යවන ලද පාර්සලය ධවල මන්දිරයේදී විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමේදී එහි මෙම උග්‍ර විෂ පවතින බව වාර්තා වූ අතර, ඒ අනුව මෙම ලිපිය කැනඩාවේ සිට එක්සත් ජනපදය වෙත එවා ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
කෙසේ වෙතත් එම පාර්සලය ධවල මන්දිරය වෙත පැමිණෙන අතරතුර එහි වූ විෂ ද්‍රව්‍යයට කිසිවෙකු නිරාවරණය නොවී ඇති බවද මේ වනවිට පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
කැනඩාවේ, ක්විබෙක්හි ශාන්ත හියුබට් වෙතින් මෙම ලිපිය තැපැල් කර ඇති අතර, මෙසේ අත්අඩංගුවට පත්ව ඇති කාන්තාවට එරෙහිව වොෂිංටන් ඩී.සී. හි එක්සත් ජනපද අභිචෝදකයන් විසින් චෝදනා ගොනුකරනු ඇතැයි පැවසෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

