කොවිඩ් ජයගත් වූහාන් සිට යුරෝපයට භාණ්ඩ දුම්රියක්
කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය සිදුව මේ වනවිට වසංගතය ජයගෙන සිටින මධ්‍යම චීනයේ, හුබෙයි පළාතේ වූහාන් නගරයේ සිට යුරෝපය දක්වා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගමන් අරඹයි.
මහද්වීප දෙකක් යා කරමින් චීන-යුරෝප ශීඝ්‍රගාමී දුම්රිය මේ ආකාරයෙන් යළි ගමන් අරඹන්නේ කොවිඩ්-19 වෛරසය පැතිරයාමෙන් මාස දෙකකට පමණ පසුවය.
ජර්මනියේ ඩුයිස්බර්ග් මෙම දුම්රියේ ගමනාන්තය වනු ඇති අතර, කොවිඩ්-19 වසංගතයෙන් ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්ව සිටින නගරය දැන් ලෝකයේ සෙසු රටවලට සිය ආධාරය සැලසීම මෙසේ අරඹා තිබේ.
"වුහාන් හි වසංගතය පාලනය කළ විට දුම්රිය සේවය නැවත ආරම්භ කිරීම සඳහා ඉහළ ඉල්ලුමක් පැවතුණා" යැයි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සඳහා ව්‍යාපාර භාර ඒජන්සිය වන වුහාන්-යුරෝප් ජාත්‍යන්තර ලොජිස්ටික්ස් හි ගාවෝ රූරුයි පවසා සිටියේය.
දුම්රියේදී බහාලුම් 50 න් 19 ක්ම දේශීයව නිපදවන වෛද්‍ය සැපයුම් යුරෝපය වෙත රැගෙන යාමද විශේෂත්වයක් වන අතර, සෙසු බහාලුම් වාහන අමතර කොටස්, ඉලෙක්ට්‍රොනික හා ඔප්ටිකල් ෆයිබර්ස් ප්‍රවාහනය කෙරෙන බව කියයි.

popular news
-
wimal Sunday, 29 March 2020 11:30 AM
මෙය බැලුවම සහ දෑක්කම පුදුම හිතෙනවා මේවගේ ශ්‍රේෂ්ට සහ විසිස්ට මිනිසුන්තමයි මේ ලෝකයට අවශ්‍ය,,,අපි ඉන්න තැන සහ ඕවුන් ඉන්න තැන බැලුවම අහසයි පොලවයි වගේ, අපේ මිනිස්සු මලු සහ පොට්ටනි ගැට ගහනවා කරතියන් ගිහින් මිනිස්සුන්ට බෙදන්න .... අබියෝග, බාදක ජයගෙන මිනිසුන් වෙනුවෙන් මානුෂිය උපකාර වෙනුවෙන් ඉදිරිපත්ව කරන මෙහෙවරට චීන ජාතිකයනට ප්‍රණාමය !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

