කොරෝනා ආසාදිතයන්ගේ විශාලත දිනක වැඩිවීම-WHO
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූ දින සිට මේ දක්වා පැය 24ක් තුළ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා වී ඇති බව එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසයි.
ජිනීවාහි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ටෙඩ්රොස් වැඩිදුරටත් පැවසුවේ, "අපට තවත් බොහෝ දුරක් මේ වසංගතයට ගොදුරුවීමේ අවදානම පවතිනවා. පසුගිය පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට රෝගීන් 106,000 ක් වාර්තා වී ඇති අතර, එය පුපුරා යාම ආරම්භ වී එක් දිනක් තුළ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ අවස්ථාවයි. මේ සිද්ධීන්ගෙන් තුනෙන් දෙකක්ම වාර්තා වී ඇත්තේ රටවල් හතරකින් පමණියි" යනුවෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් විසින් එම රාජ්‍යයන් හතර හඳුන්වා දුන්නේ, එක්සත් ජනපදය, රුසියාව, බ්‍රසීලය සහ ඉන්දියාව ලෙසිනි.
කෙසේ වෙතත්, ආසාදිතයන් වාර්තා වීමේ ක්‍රියාවලියේදී බොහෝ ස්ථානවල වාර්තා කිරීම් ප්‍රමාද විය හැකි බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය, එබැවින් මෙම තනි දින වාර්තාවෙන් පසුගිය පැය 24 තුළදීම මෙම පුද්ගලයින් 106,000ක් ආසාදනය වී, පරීක්ෂාවට ලක් කර හෝ ගණන් කර ඇති බවක් අදහස් නොවන බවද අවධාරණය කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                