ඔස්ට්‍රේලියා දෙවැනි විශාලම ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම ප්‍රාන්තය තුළ ඊයේ (02දා) දිනයේ සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස්, ඒ සමග දැඩි අගුලු දැමීමේ ක්‍රියාමාර්ග පවා ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව කලාපයේ එක් දිනක් තුළ නව ආසාදන 671ක් ප්‍රකාශයට පත්වීමත් සමග රාත්‍රී ඇඳිරි නීතිය හඳුන්වා දීම සහ එළිමහනේ සියලු සංචාර තහනම් කිරීමද සිදුකළේය.
ප්රවෘත්ති සාකච්ඡාවකදී ඩැනියෙල් ඇන්ඩෘස් වික්ටෝරියානුවන්ට පැවසුවේ "අපට තවත් බොහෝ දේ කළ යුතු තිබෙනවා. අප දැනුත් තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා." යනුවෙනි.
ඒ වනවිටත් මෙල්බර්න් නගරයද අයත් වන වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 වෛරසයේ පැතිරීම වේගවත් වීම නිසා, එම ජනාතවගේ නිදහස, ජීවනෝපායන් සහ සමාජ අන්තර්ක්‍රියා සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත්තේ සමස්ත ප්රාන්තයම සෙසු ප්‍රාන්තවලින් පිටස්තරයෙකු බවට පත්කිමිනි.
"මම වසර හයක් පුරා මේ මහ ඇමති ධුරය දරනවා. එනම් දින 2,000කට වඩා වැඩියි. නමුත් අද දවස ඒ කාලයේ මා ලැබූ අතිශය දුෂ්කරම දවසයි. අතිශය දුෂ්කරම තීරණය ගැනීමට සිදුවූ දවසයි" ඇන්ඩෘස් පැවසීය.
වික්ටෝරියා ප්‍රාන්තය ඉරිදා රාත්‍රියේ සිට ප.ව.8.00 සිට පෙ.ව.5.00 දක්වා දිනපතා ඇඳිරි නීතිය පැනවෙනු ඇති අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාමට නිවසින් එක් දිනකට බැහැරට යා හැකි වන්නේ එක් අයෙකුට පමණි. ඔහු හෝ ඇයද කිලෝමීටර් 5කට වඩා දුරක් ගමන් කිරීම තහනම් කර තිබේ.



popular news
-
S Monday, 03 August 2020 09:30 AM
Janadipathitumani, oba tuman janadipathiwaranayedi porondu wu paridi daruwan lebunu mawakata prasutha niwadu kalaya awuruddak lesa aniwarya karanu menavi... apa weni daruwan mehekaruwan samaga taba yana mawuwarunta eya wishala pitiwahalaki
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

